මහ මැතිවරණයකට මඟ පාදමින්, පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරුණි.
අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි.
මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට සූදානමක් පවතී. කෙසේ නමුත් පාකිස්තාන මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් කල් යෑමට ඉඩ ඇති බවය.
පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයකට පමණක් නොව, දේශපාලන අර්බුදයකට ද මුහුණ පා සිටී.
දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගත කළ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 5 ක් දේශපාලනය තහනම් බැවින්, ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණ ඉම්රාන්ට අහිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඉම්රාන් ඛාන්ට ධුරය අහිමි වූයේ පසුගිය 2022 අප්‍රේල් මාසයේය. ඒ, විපක්ෂ සන්ධානය, ඉම්රාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමෙනි.
විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙනා විපක්ෂ සන්ධානයට නායකත්වය දුන්නේ එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.
ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලයට පැමිණියේ 2018 මහ මැතිවරණයෙනි. අදටත් පාකිස්තානයේ ජනප්‍රියතම දේශපාලන තරුව ලෙස සැලකෙන්නේ ද ඉම්රාන් ඛාන්ය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි
wedage Thursday, 10 August 2023 12:53 PM
පකිස්තානය ශ්‍රීලංකාවට වඩා හොඳා වගේ