IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

(මහින්ද නිශ්ශංක)

පකිස්තානයෙන් යළි ලොකු ලූනු ආනයනය කිරීමට පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් පියවර ගෙන ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා තොග වෙළෙදුන්ගේ සංගමය පවසයි.

පකිස්තානය නැවත ලොකු ලූනු අපනයනය කිරීම ආරම්භ කිරීමත් සමග පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් මේ වනවිටත් රටට අවශ්‍ය ලූනු තොග ඇණවුම් කර ඇතැයි සංගමයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

ඒ අනුව ඇණවුම් කළ ලොකු ලූනු තොග ඉදිරි සති දෙක තුළදී මෙරටට ලැබුණු පසු කඩිනමින් වෙළෙඳපොළට නිකුත් කිරීමට පියවර ගන්නා බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවැසීය.

පිටකොටුව ලොකු ලූනු ආනයනයකරුවන් හතළිහක් පනහක් පමණ සිටින බව ද ඔවුන් සියලු දෙනා ලූනු ඇණවුම් කර තිබෙන බව ද ඔහු කීවේය.

මේ අතර පිටකොටුව තොග වෙළෙදපොළේ චීන ලොකු ලූනු මිල අඩු වී ඇති අතර එම ලොකු ලූනු කිලෝවක සිල්ලර මිල රුපියල් 200 ක් බව ද ආනයනකරුවෝ පවසති.

 



අදහස් (0)

පාකිස්තානයෙන් යළි ලොකු ලූනු ගෙන්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site