ඉරානයෙන් පාකිස්තානයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පසු, ඉරානයත් පාකිස්තානයත් අතරේ හිතවත්කම් පළුදු වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, පාකිස්තාන හමුදාව, ඊයේ (18) ඉරානයේ බෙදුම්වාදීන්ගේ කඳවුරු කිහිපයකට පහර දුන්නේය.
එසේ පහර දීමට පෙර, ඉරානයෙන් එල්ල වූ මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන්, පාකිස්තාන රජය, එරට ඉරාන තානාපති කැඳවා ප්‍රශ්න කළ බව ද වාර්තා විය.
ඉරානය මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් පහර දුන්නේ, පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෙදුම්වාදී ‘ජයිෂ් අල් අඞ්ල්’ නමැති ජිහාද් සටන්කාමීන්ගේ කඳවුරු දෙකකටය.
බලුකිස්තානයට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් පාකිස්තාන රජය, ඉරානයට දොස් පවරමින් පවසා ඇත්තේ, ඉරානයට එරෙහිව දැඩි පියවර අනුගමනය කරන බවය. ෂියා මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉරානය සහ පාකිස්තානය අසල්වැසි රටවල්ය.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පාකිස්තානයත් ඉරානයත් ඇවිලෙයි