IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පක්ෂ කීපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ ඡන්දයට

(අජන්ත කුමාර අගලකඩ)

පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය එක්ව පිහිටුවන නව සන්ධානය එක් නායකයකු යටතේ නොව ,නායකත්ව මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි

මේ අතර,එම නව සන්ධානය නිදහස් ජනතා සන්ධානය ලෙස නම් කිරීමට ද යෝජනා වී ඇතැයි ආරංචි මාර්ගවලින් වාර්තා වේ

අලුතින් පිහිටුවන නිදහස් ජනතා සන්ධානය ප්‍රධාන කණ්ඩායම් තුන නියෝජනය වන නායකයන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් යටතේ පිහිටුවීමට යෝජනා වී ඇති බවද පැවසේ.

කෙසේවෙතත් ,ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි එම සන්ධානය පිහිටුවීමට මූලික වී සිටින දේශපාලන පක්ෂ නායකයෙක් සදහන් කළේය

මේ අතර,නව සන්ධානයේ විධායක සභාවේ සියයට හතළිහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්,සියයට තිහක් නිදහස ජනතා සභාවටත් ඉතිරි සියයට 30 උත්තර ලංකා සභාගය ඇතුළු සෙසු කණ්ඩායම් වලටත් වෙන්කිරීමට ද යෝජනා වී ඇතැයි දැනගන්නට තිබේ.

නව සන්ධානය පිහිටුවීමට අවශ්‍ය මූලික කටයුතු මේ වන විට අවසන් කර ඇති බවත් , මේ සති අන්තයේ එහි කටයුතු නිම කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත්,සන්ධානයට පිහිටුවීමට මුල් වී සිටින දේශපාලන පක්ෂයක නායකයෙක් සඳහන් කළේය.

 



අදහස් (9)

පක්ෂ කීපයක් එක්ව නායකත්ව මණ්ඩලයක් යටතේ ඡන්දයට

Bishan Sunday, 01 January 2023 10:40 PM

කව්ද බලමු මේ මැක්කෝන්ට චන්දෙ දෙන්නේ

:       0       13

sampath Sunday, 01 January 2023 11:02 PM

මිනිස්සු බලාපොරොත්තු තියාගෙන ආණ්ඩු හදනවා ඒ ආණ්ඩු නිලදාරීන් එක්ක එකතුවෙලා ජනතා අපේක්ෂා මහ දවල් සුන්නද්දුලි කරනවා. මිනිස්සුන්ට තරහක් දුකක් ඇති වෙනවා.

:       0       11

Pankumburage Monday, 02 January 2023 02:38 AM

එකම හොරු ටික වෙනත් නම් වලින්. දැන් මිනිස්සු ඕවට රැවැටෙන්නෙ නැහැ.

:       0       17

මසිරිපාලා Monday, 02 January 2023 05:27 AM

ඉස්සර කාලයේ කතාවක් තිබුනා ආඩි හද්දෙනාගෙ කැද හැලිය වගේ කියලා මෙතනත් වෙන්නෙ ඒකම තමයි රට තව තවත් අගාධයකට වැටී නැත්තටම නැතිව යාවි කියලා හිතෙනවා

:       0       11

රටවැසියා Monday, 02 January 2023 07:44 AM

ඡන්දයක් ඕනි ඒත් ඒ ඡන්දෙන් මුන් එකෙක්වත් එපා... කෙක්කෙන් බැරි වැඩේ කොක්කෙන් කරගන්ඩ මුන් මේ සෙට්වෙන්නේ... මුන් දේශපාලනය බූදලය, රස්සාව කරගෙන ඉන්න නිසයි මේ රට ගොඩගන්න බැරි

:       0       15

සිල්වා Monday, 02 January 2023 10:17 AM

රට විනාශ කරපු අයගේ සංධානය. එතැනට අඩු පොහොට්ටුවයි, එජාපෙයි පමණයි...

:       0       2

දාස Monday, 02 January 2023 10:47 AM

කොහොම හරි සැප ගන්න ඔතනට රිංගන උපක්‍රමයක්. රට කාපු වල් හැත්ත ,මොන උප්පරවැට්ටියක් දැම්මත් , මිනිස්සු තොපි හොදට අදුරනව බොලව්

:       0       5

Lal Monday, 02 January 2023 10:53 AM

දැන් අපට පසහු තීරණයක් ගතහැකියි.......... ඔවුන්ව තොරා නොගන්න.

:       0       2

ගැමියෙක් Monday, 02 January 2023 02:30 PM

දැන් ඉන්න කවුරුවත් එපා... අළුත් වැඩක් කරන්න පුළුවන් මිනිස්සු ටිකක් තෝරගනිමු මේ පාර... මිනිස්සුනේ දැන් දුක් වින්දා ඇති... මේ පාර ඔය කාටවත් රැවටෙන්න එපා. එදා ඉඳලා රැවටුණා. ඔවුන් දින්නා හැමදාම. අපි හැමදාම පරාදයි. අපි ඡන්දේ දීලා ඒ අය යවනවා. එහේ ගිහින් ඔවුන්ට ඕනෑ දේ ඔවුන් කරනවා. ඔවුන්ගේ ආරක්ෂාවට අවශ්‍ය නීතී ඔවුන්ම හදාගන වැජඹෙනවා. අපි පාරේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site