
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නෙළුම් කුළුනෙන් පහළට වැටී ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි.
බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත. මියගිය සිසුවිය කාගේ කවුද සහ කුමන ප්‍රදේශයේ පදිංචිකාරියක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැත.
දැනට එම ප්‍රදේශය තහනම් කලාපයක් ලෙස නම්කර මෙම සිසුවිය නෙළුම් කුළුණෙන් පහළට වැටුණාද ? පැන්නා ද? යන්න පොලිස් විමර්ශන සිදු කරන බව එම පෞද්ගලික සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
(ඡායාරූප: ගයාන් අමරසේකර)

2025 ඔක්තෝබර් මස 08
1438
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1304
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
470
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නෙළුම් කුලුණෙන් ළමයෙක් වැටෙයි
ජයනාත් Monday, 07 October 2024 04:33 PM
මම නම් මේකට ගිහිල්ලා නැහැ. ඒත් මෙතරම් උස කුළුණක ආරක්ෂාව නම් කිසිසේත් ප්‍රමාණවත් නැතිබව කියන්න පුළුවන්...
ජිල්බුMonday, 07 October 2024 05:52 PM
මමත් කවදාවත්ම ප්ලේන් එකක ගිහින් නෑ. අඩි 30,000ක් විතර උඩින්ලු යන්නේ. හදිසියේවත් පත්තරයක් ගන්න එහෙම වුවමනාවක් ආවොත් කොහොමද එළියට එන්නේ? දොර ඇරගෙන ආවයි කියමුකෝ, ඒත් වැටිලා අතක්වත් කැඩුණොත්! ආරක්ෂාව නම් හොඳටම මදි...
දමින්දMonday, 07 October 2024 07:11 PM
නෙළුම් කුළුණ observation deck එකේ බැම්ම අඩි හතරක් විතර උසයි. ඒකෙන් වැරැදිලා වැටෙන්න කිසිම විදිහක් නෑ...
Dasa PTuesday, 08 October 2024 12:57 AM
වැටුණද? පැන්නද? එහෙම නැතිනම් තල්ලු කළාද?
de silva berlin Tuesday, 08 October 2024 12:05 AM
ඉදිරියට මේකෙන් පනින්න හෝ වැටෙන්න බැරි විදිහට ටෙම්පර්ඩ් ග්ලාස් වලින් වීදුරු ආවරණයක් දමන්න වේවි , ලෝකේ දියුණු රටවල තිබෙන උස නැරඹුම් මධ්‍යස්ථාන වලත් මෙවැනි ආවරණ යොදා තිබෙනවා, සියදිවි නසාගැනීම් වැළකීමට...
saman Tuesday, 08 October 2024 02:47 PM
සිය දිවි හානි කරගැනීමක් වෙන්න ඕනේ
I.m.l.s samaratunga Wednesday, 09 October 2024 01:24 AM
ඇත්තම කියනවා නම් මෙම කුළුණට නගින අයට ආරක්ෂාව ඉතාමත් අඩුයි... ලෝකේ රටවල්වල ඔය විදිහට නැහැ. ඕපන් එකේ අපේ රටේ සල්ලි ගිලදමලා වැඩේ හරියට කරලා නැහැ. ලොකයේ රටවල්වල තිබෙන කුළුණුවල කවුළු ඕපන් එකේ නැහැ. විදුරුවලින් කවර් කරලා තියෙන්නේ...