IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


නෙවිල් වන්නිආරච්චිට ඇප

(රෝෂන් තුෂාර)

උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි අන්දමේ දේපළකට  උරුමකම් කියමින් වත්කම් බැරකම් නිසිපරිදි ඉදිරිපත් නොකළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ  ආරක්ෂක,ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශ්‍රාමික ලුතිනන් කර්නල් වන්නිආරච්චි නෙවිල් නොහොත් නෙවිල් වන්නිආරච්චි  සැකකරු ඇප මත මුදාහැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා අද නියෝග කළේය.


ඉදිරි විමර්ශනයට අදාළ කරුණු නිශ්චිතව සඳහන් නොකර විමර්ශනය අවසන් නොමැති බවට පවසමින් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන්නැයි අල්ලස් කොමිසම කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මෙසේ ඇප නියම කළේය .


රුපියල් 50000 මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් සැකකරුට නියම කළ  මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවටද නියෝග කළේය.විදෙස් ගමන් බලපත්‍රයේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය .

නෙවිල් වන්නිආරච්චි  සැකකරු විසින් වීරකැටියේ වලස්මුල්ල පාරේ අක්කර 03 පර්චස් 38ක විහිදී ඉන්ධන පිරමුම්හල,පල්ලෙ කැලේ ප්‍රදේශයෙන් මිලදී ගත් රුපියල් 4550500.00ක් වටිනා නිවස,මහරගම ප්‍රදේශයේ ලක්ෂ 125 වටිනා නිවස,දෙමටගොඩ ලක්ෂ 1650000.00 ක නිවස,තිස්සමහාරාම අකුරුගොඩ ප්‍රදේශයේ ඉදිකිරෙමින් පවතින හෝටලය,කෝට්ටේ මාදිවෙල ලක්‍ෂ 400 ක් වටිනා තෙමහල් නිවස ,බෙලිඅත්ත හා වීරකැටිය නගරවල කඩ කාමර  ඇතුළු  දේපල රැසකට උරුමකම් කීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මෙම විමර්ශනය සිදු කරයි.


2013 ජනවාරි  01 දින සිට 2014 ජූලි මස 01 දක්වා රුපියල් 64874987.34  උපයා ඇති බවට සඳහන් කර , රුපියල් 93179557 ක් වියදම් කිරීම තුළින්,  වත්කම් බැරකම් වල රුපියල් 28304570.34 ක පරස්පරතාවයක් පෙන්නුම් කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.

 



අදහස් (0)

නෙවිල් වන්නිආරච්චිට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1773 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1456 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 521 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site