
(රංජිත් රාජපක්ෂ)
2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන ගලබඩ මහතා පැවසිය.
ඉදිරිපත් කර තිබු නාම යෝජනා පත්‍ර අතරින් පිලිගත් දේශපාලන පක්ෂ 03 ක සහ ස්වාධින කණ්ඩායම් 04 ක නාම යෝජනා පත්‍රවල ප්‍රතික්ෂේප කළ බව තේරිම්භාර නිලධාරිවරයා කියා සිටියේය.
ජාතික ජනතා පක්ෂය, අරුණළු ජනතා පෙරමුණ, ඉරෝස්ට් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ප්‍රතික්ෂේප වු පිලිගත් දේශපාලන පක්ෂ බවයි තේරිම් භාර නිලධාරිවරයා කියා සිටියේ.
නොවැම්බර් මස (14) දින පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරුන් 08 දෙනකු තොරාපත් කර ගැනිම සදහා අපෙක්ෂකයන් 308 දෙනකු තරග කරන බව ද තේරිම් භාර නිලධාරිවරයා පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.