
(රවින්ද්‍ර ලියනගේ )
පොලිස් වසම් ගණනාවක සැරිසරමින් නිවාසවලට කඩා වැදි සෙල්ලම් පිස්තෝලයක් පෙන්වා තර්ජනය කර නිවැසියන් බියගන්වා රන් ආභරණ හා දේපල කොල්ලකා පලායන සංවිධානත්මක කල්ලියක් මෙහෙයවු කාන්තාවක් ඇතුලු පස් දෙනකු ඊයේ (18) අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලීසිය කියයි.
කොල්ලකෑ බව කියන රුපියල් කෝටියක් පමණ වටිනා රන් ආභරණ හා දේපල තොගයක් ද වෙන්නප්පුව මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් බාරයට ගෙන තිබේ.
මෙලෙස අත් අඩංගුවට පත්වි ඇත්තේ මතුගම ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන තාවතාලිකව පදිංචි වි සිටි 36 හැවිරිදි කාන්තාවක්, ඇයගේ 33 හැවිරිදි සැමියා හා කාන්තාවගේ සොහොයුරන් දෙදෙනකු හා මිතුරකු බව පොලිසිය සදහන් කරයි.
මොවුන් විවිධ ප්‍රදේශවලට ගොස් නිවාඩු නිකේතනවල දින කිපයක් රැදි සිටමින් ඒ අවට නිවාසවලට දිවා රාත්‍රි කාළවලදි කඩා වැදි කොල්ලකෑම් සිදුකර පලා ගොස් ඇති බවට හෙළිවි ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.