(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර පන්සිය ගම නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් අපවත් වී වදාළ දෙස්-විදෙස් භික්‍ෂූන් වහන්සේලා සියලු දෙනා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වික්‍රමසිංහ මහතා මෙසේද කියයි.
අනතුරින් තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබන භික්‍ෂූන් වහන්සේලාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.
සසර දුක කෙළවර කරගැනීම උදෙසා වනගතව බවුන් වැඩූ උන්වහන්සේලා නික්ම ගියේ බුදුන් වහන්සේ දේශනා කරන ලද අනිත්‍ය දහම පසක් කර දෙමිනි.
උන්වහන්සේලා පැතූ නිර්වාණ සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
නා උයනේ අනතුර ගැන රනිලුත් දුක් වෙයි
ගුණරත්න Thursday, 25 September 2025 05:35 PM
තවම රජයේ ශෝක ප්‍රකාශය දැක්කේ නැහැ... විපක්ෂයේ සියලු නායකයින් තමන්ගේ ශෝකය ප්‍රකාශ කරලා තිබෙනවා. ඒත් ආණ්ඩුවේ එකෙක්වත් නැහැ.
Priyantha Dissanayake Thursday, 25 September 2025 06:55 PM
පරියාප්ති , ප්‍රතිපත්ති, ප්‍රතිවේද යන ත්‍රිවිධ ශාසනය නියෝජනය කරමින් ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කර ගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් සහ පරමාදර්ශීව මහත්වූ වීර්යයෙන් ශාසන ප්‍රතිපදාවෙහි නිරත වූ මහෝත්තමයාණන් අනපේක්ෂිත අවස්ථාවක අනපේක්ෂිත අනතුරකට ලක්ව හදිසියේ අපවත් වූවේ සම්බුදු දහමේ හරය වූ අනිත්‍ය දුක්ඛ අනාත්ම මොනවට පසක් කරදෙමිනි. අපවත්වී වදාළ ගෞරවණීය පූජණීය උතුමන්වහන්සේලාගේ ප්‍රාර්තණීය බෝධිය බොහෝදුර නොවේවා...! උතුම්වූ නිර්වාණාවබෝධය වේවා.. ! අනන්ත වූ තුණුරුවන් ගුණානුභාවයෙන් ප්‍රතිකාර ලබන්නා වූ ගෞරවණීය පූජණීය ස්වාමීන්වහන්සේලාට ඉක්මන් සුවය ලැබේවා..! දීර්ඝායුෂ වේවා..! සාදූ ..! සාදූ ..!! සාදූ ...!!!