
(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු සාගරයේ නාවික නිදහස ආරක්ෂා කිරීම අරමුණු කරගත් උපායමාර්ගික ස්ථාවරත්වයක් පවත්වාගෙන යාම වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
නාවික නිදහස වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන කැපවීම හේතුවෙන් රතු මුහුදේ මෙහෙයුම් සඳහා දායක වීමට ශ්‍රී ලංකාව තීරණය කළ බව පැවසූ ජනාධිපතිවරයා සය දින යුද්ධය නිසා වසර දහයක් තිස්සේ සූවස් ඇළ වසා දැමීම, කොළඹ වරායට අහිතකර ලෙස බලපෑ ආකාරය ද සිහිපත් කළේය.
එබැවින් සීමාවලින් තොරව නාවික කටයුතු සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කරන ඉන්දියානු සාගර ආරක්ෂක සමුළුවේ තුන්වන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) කොළඹ දී ආරම්භ විය.
ගෝලීය ආරක්ෂාව සහ සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව කෙරෙහි කලාපයේ බලපෑම අවධාරණය කරමින්, ඉන්දියානු සාගරයේ වැදගත්කම සලකා බැලෙන මෙම දෙදින සමුළුව සඳහා රටවල් ගණනාවකින් නියෝජිතයෝ එක්ව සිටිති.
2025 නොවැම්බර් මස 21
159
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
231
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1099
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නාවික නිදහස රකින්න ලංකාව කැපවී සිටිනවා