IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෙළුම් කුළුණේ මසක ආදායම ලක්ෂ 900යි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල ලෙස සැලකෙන නෙළුම් කුළුණ ජනතා අයිතියට පත් කර ගත වූ මාසය තුළදී රුපියල් ලක්ෂ 900 ක ආදායමක් හිමිවී ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

එය නැරඹීම සඳහා මෙරට සහ විදේශ ගත සංචාරකයන්165000  පැමිණ ඇතැයි ද ප්‍රධාන විධායක නිලධාරි වරයා කීය.

එකී ආදායම හිමිවී ඇත්තේ නැරඹීම සඳහා පැමිණෙන අය මිලදී ගත් ප්‍රවේශ පත්‍ර වලින් සහ එහි අභ්‍යන්තරයේ පිහිටි විවිධ ආයතනවලින් ලබාගත් පහසුකම්වලින් බව ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.

එය ජනතා අයිතියට පත් කළ ඉකුත් සැප්තැම්බර් 15 වැනි දින පළමු දිනයේ දී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 නැරඹීමට පැමිණ රුපියල් ලක්ෂ 15ක ආදායමක් ලබාගෙන තිබිණි.

 



අදහස් (6)

නෙළුම් කුළුණේ මසක ආදායම ලක්ෂ 900යි

nalin Sunday, 16 October 2022 07:32 AM

අර මයිත්‍රී කියපු විදියට හදන්නත් කලින් ගසාකෑම ලක්ෂ 20000 යි. ඒක අල්ලන්න මාස 22ක්වත් මෙහෙම යන්න වෙයි.

:       4       13

Tharanga Sunday, 16 October 2022 07:50 AM

ඕකෙ හරි ආදායම වෙන්න ඕන ලක්ශ 9ක් විතර. ගාන හදපු හැටි කියන්නද. 21/2612*100= 0.8 ලක්ශ 900න් 0.8% කියන්නෙ දල වශයෙන් ලක්ශ 9.

:       7       15

Perera Sunday, 16 October 2022 09:23 AM

ඕකේ මාසික වියදමයි, පොලිය සමග ණය වාරිකයයි කීයද කියලත් දාන්න...!

:       0       2

Jayampathi Sunday, 16 October 2022 10:33 AM

නෙළුම් කුළුණේ මාසික නඩත්තු වියදම් සේවක පඩිනඩි විදුලි බිල වගේ දේවල්වල වියදම් දන්න කෙනෙක් කියනවාද..? ඒ වගේම මේක හදන්න ගත්තු ණය වාරිකය ගැන අදහසක් තියෙනවද?

:       0       2

sena Sunday, 16 October 2022 10:56 AM

ඕකෙ ණය ගෙවන්න විතරක් දවසට කෝටියක් ඕනෑලු... මෙයාලා මේ බයිලා කියනවා.

:       0       4

චින්තක Sunday, 16 October 2022 07:03 PM

ඇත්තටම මේකේ ආදායම බලන්න ඕනෑ වැටුප් හා සියලු දීමනාත් මෙහෙයුම් හා නඩත්තු වියදම් අඩුකිරීමෙන් පසුයි. කියන්න බලන්න ඒ කාලයේ වියදම් කොපමණද කියලා... ඇත්තටම අලාභයක් තියෙන්න පුළුවන්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site