IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නෙළුම් කුළුණේ පළමු දින ආදායම ලක්ෂ 15 පනී

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දකුණු ආසියාවේ උසම කුළුණ ලෙස සැලකෙන නෙළුම් කුළුණ  මහජනතාව විවෘත කිරීමෙන් අනතුරුව පළමු දින රුපියල් ලක්ෂ 15ක පමණ ආදායමක් හිමිවී නෙළුම් කුළුණ පෞද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පැවසීය.

නෙළුම් කුළුණ නැරඹීම සඳහා මහජනතාව සඳහා විවෘත කෙරුණු ඊයේ දහවල් දෙකේ 2 සිට රාත්‍රී 10 දක්වා එම පැය 8 තුළදී තුළදී විදේශිකයන් 21 දෙනකු ඇතුළු පුද්ගලයන් 2612 කු එය නැරඹීම සදහා පැමිණ ඇතැයි සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (20)

නෙළුම් කුළුණේ පළමු දින ආදායම ලක්ෂ 15 පනී

Hafeel Friday, 16 September 2022 12:37 PM

මෙම නෙළුම් කුළුණේ වගේම අධි වේග මාර්ගයත් ගත්තොත් දවසකට කෝටි ගණන් හෝ ලක්ෂ ගණන් ආදායම. නමුත් රට බංකලොත් නේ.

:       189       29

AchiniFriday, 16 September 2022 05:22 PM

ආදායම් තවම අපිට ලැබෙන්නේ නෑ නේද? බදු ගිවිසුම අනුව අවුරුදු 15ක් හෝ 20න් පසුව තමයි අපිට ලැබෙන්නේ...!

:       1       2

mp Friday, 16 September 2022 01:11 PM

රටේ මෝඩයන් ඉන්න තුරු...!

:       125       24

podiaarachchi Friday, 16 September 2022 01:32 PM

නෙළුම් කුළුණ කියන්නේ ‘‘පොහොට්ටුවෝ මාටියාගහන ගමන් හදපු එකක්‘‘.. අපි විශ්වාස කරනවා ඕක ළඟදීම කඩාවැටිලා ජංජාලයක් වෙයි කියලා. අපි නම් පයින් ගියත් ඔය පැත්තේ නම් යන්නේ නැහැ.

:       90       11

ManakaFriday, 16 September 2022 02:57 PM

තමුන් වගේ අය තමයි ඉස්සරහා ගෙදර එකාට හරියනවාට ඉවසන්න බැරුව ඉරිසියාවේ පැලෙන්නේ...!

:       9       49

wijesiriSaturday, 17 September 2022 04:18 PM

දැන් කවුද ඔයාගේ ඉස්සරහ ගෙදර ඉන්නේ...? කවදාහරි ඔයා කරේ එල්ලගන්න බලාගෙන ඉන්න බකට් එකද?

:       0       3

PereraFriday, 16 September 2022 02:58 PM

තමුන් නම් නොයන එකම තමයි හොඳ...!

:       9       33

ganegoda Friday, 16 September 2022 06:19 PM

සහතික ඇත්ත. අර සුනාමි ගෙවල්වගේ මේකත් මර උගුලක්. පොහොට්ටුවන් හදපු හැම දෙයක්ම ගරාවැටෙමින් තියෙන්නේ... කිව්වත් වගේ පරිස්සමෙන් ඔය පැත්තේ යන්නේ...!

:       2       4

පිටිගල මිලානෝ Friday, 16 September 2022 01:42 PM

බෝම්බයක් පිපුරුණත් ඒක බලන්න එතැනට දුවන ලංකාවේ මිනිස්සු මේ විනාශකාරී කුළුණ බලන්න නොගියොත් තමයි පුදුමේ... අනිත් අතට ලොක්කාට කොමිස් ටික දීලා ණය තමන්ට බාරගත්තු අයනේ..! බලාගෙන ඇවිල්ලා ගෙවපල්ලා ණය ටික...!

:       75       17

ravin Friday, 16 September 2022 02:08 PM

ඔය තැන හදන්න ගත්තු ණය ප්‍රමාණය කොපමණද? ආදායම ලක්ෂ 15 වුණාට එදින මුළු වියදම කීයද? සේවක නඩත්තු, විදුලිය, වතුර පමණක් දැනට ඇති. දිනක සම්පූර්ණ වියදම ඇහුවොත්, ණය බර ගැන හිතලා දිවිනසාගැනීම් වැඩිවෙන්න තියෙනවා.

:       58       13

jaya Friday, 16 September 2022 02:09 PM

දවසක විදුලි බිලත් ඔහොම්මම කිව්වා නම්...!

:       44       15

ddd Friday, 16 September 2022 02:10 PM

අපේ මිනිස්සුන්ට විකාර... ඒක තමයි අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ... රටෙන් තුන්කාලක් බඩගින්න නිවාගන්න සටන් කරනවා. කොටසක් ඔහේ මුදල් නාස්ති කරනවා අපේ රට නැගිටිනවා කියන එක හීනයක්... මේ වගේ මන්ද බුද්ධික මිනිස්සු ඉන්නකන්...

:       38       13

siri Friday, 16 September 2022 02:17 PM

අලුත් මැතිඇමැති වරුන්ට සැප ගන්න ඔය ගණන මදිවෙයි නේද?

:       31       9

siri Friday, 16 September 2022 02:22 PM

නැව ගිලෙනවා. ඒ වුණාට බෑන්ඩ් එක චූන් ගහනවා. ඔය එකතු කරන්නේ රටේ සල්ලිම නේද? ඔයිට වැඩිය හොඳ නැද්ද කණුව මුල පිංකැටයක් තියලා ඒකට උඩින් " කාටවත් කිසිම ඵල ප්‍රයෝජනයක් නැති මේ සෝබන සුදු අලියා නඩත්තු කරගෙන යන්න කීයක් හරි දීලා යන්න පින් සිද්ධ වෙයි" කියලා දැන්වීමක් ගැහුවා නම්.., ඔතන තියෙන කැරකිල්ල හැදෙන ආපන ශාලාවත් තවම හිස් නේද..?

:       46       10

තරංග Friday, 16 September 2022 02:28 PM

ආදායම = විදේශිකයින් 21 × 2000= 42000. මේ අදහසට එකඟ අය කවුද?...

:       28       5

යෝගා Friday, 16 September 2022 02:33 PM

තමුන් කැමති වුණත්, අකැමැති වුණත් දැන් මේක හදලා විවෘත කරලත් ඉවරයි මිනිසුනේ. මේකෙන් යම් ආදායමක් ගන්න කරන උත්සාහය අගය කරන්න.!

:       3       87

Senaka Friday, 16 September 2022 02:51 PM

අප්පේ..., නෙලුම් කුලුණ ගැන විලාප තියූ ටොයියන්ට සහ ජෙප්පන්ට ඒක සාර්ථක වෙලා ආදායම් හම්බෙනවා කිව්වාම දරාගන්න බැරි දුක් විලාප ටික...

:       5       77

චන්දිම ෆොන්සේකා Friday, 16 September 2022 03:30 PM

සල්ලි ටික කාටද යන්නේ? අපිටද චිනේටද? චීන්නු මොකටද අර ටිකට් ගැන ප්‍රකාශයක් කලේ? නිකම් ඉන්න බැරුවටද? මේක ලොකු ප්‍රශ්නයක්. කවුරුත් කට ඇරලා අහන්නෙත් නැහැ. බලධාරියෝ කියන්නෙත් නැහැ. උඩ පැන්නට වැඩක් නැහැ මේ ගෙඩි පිටින් එන සල්ලිත් හොර පාරේ චීනෙට යනවානම්.

:       46       8

ගමේ එකාලා Friday, 16 September 2022 03:46 PM

චීනාට පින්සිද්ද වෙනවා. අපි දැන් උඩගිහින්... රටම වලපල්ලට ගිහින්.

:       33       5

Rohana Friday, 16 September 2022 04:39 PM

ඔය විදියට ටික දවසක් ආදායම් ලැබෙයි...

:       27       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site