IMG-LOGO

නෙළුම් කුලුනට යන්න හරි ටිකට්ටුව ගන්න

(ඩයනා උදයංගනී)

දකුණු ආසියාවේ උසම කූලුන ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු හෙට (15) සිට ආරම්භ වන අතර, එය නැරඹීමේ ප්‍රවේශ පත්‍රය ලෙස සඳහන් ව්‍යාජ ප්‍රවේශ පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළව ඇතැයි චීන තානාපති කාර් යාලය පවසයි.

මෙම ව්‍යාජ ප්‍රවේශ පත්‍රය සමාජ මාධ්‍ය තුළ බෙදාහැරීමෙන් වළකින ලෙසත්, හෙට සිට නෙළුම් කුළුණ වෙත ගොස් එහිදී ප්‍රවේශපත්‍ර මිලදී ගෙන එය නැරඹිය හැකි බවත් චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ.

කෙසේ වෙතත් නෙළුම් කුලුන නරඹන්නන් වෙනුවෙන් විවෘතවීම සම්බන්ධව නොමිලයේ ලබාදුන් ප්‍රචාරය ගැන ව්‍යාජ ප්‍රවේශ පත්‍රය පළ කළ අයට ස්තුතිවන්ත වන බව ද චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.


නිවැරදි ප්‍රවේශ පත්‍රය



අදහස් (10)

නෙළුම් කුලුනට යන්න හරි ටිකට්ටුව ගන්න

Hafeel Wednesday, 14 September 2022 02:21 PM

චීන තානාපති කාර්යාලය මෙම දේපළ පිළිබඳව මෙහෙම නිවේදන නිකුත් කරනවා නම්.., රටට ජනාධිපති කෙනෙක් සහ ආණ්ඩුවක් මොනවාටද?

:       0       24

janahiha Wednesday, 14 September 2022 02:21 PM

යන්න පෙට්‍රල් නැතෝ....!

:       0       11

Tharanga Wednesday, 14 September 2022 02:22 PM

"හෙට සිට නෙළුම් කුළුණ වෙත ගොස් එහිදී ප්‍රවේශපත්‍ර මිලදීගෙන එය නැරඹිය හැකි බවත්, චීන තානාපති කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවුඩයක දැක්වේ." අපි ඇත්තටම කොහෙද මේ ඉන්නේ?

:       0       16

Hafeel Wednesday, 14 September 2022 02:26 PM

මතකද එදා ලෝක කුසලාන ක්‍රිකට් තරග කිහිපයක් ලංකාවේ පැවැති වෙලාවේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා රජයේ එක් තරුණ මන්ත්‍රී කෙනකුට චෝදනා කළේ ව්‍යාජ ප්‍රවේශපත්‍ර වික්කයි කියලා. ඒ නිසා මේ වැඩේ සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැහැ...

:       0       13

sharm warn Wednesday, 14 September 2022 02:28 PM

අනේ ඔව්.. දැන් මේ අපිට අඩුවකට තියෙන්නේ ඔය කෙහෙල්මුවේ උඩට නැගලා බිමට පනින්න තමයි. සල්ලිවලින් වෙන කරන්න දෙයක් හොයාගන්න බැරුව හිටියේ.

:       1       12

nisar Wednesday, 14 September 2022 02:48 PM

නිවැරැදි ප්‍රවේශ පත්‍රයේ සිංහල අකුරක්වත් නැහැ...

:       0       11

Malika Wednesday, 14 September 2022 02:49 PM

ණය ගත්තු අය ඒවායින් හොරාකාලා රජ සැප විඳිනවා. අපි ඔවුන්ගේ ණය ගෙවන ගම බලන්න යන්නත් අපෙන්ම මුදල් අ‍‍යකරන්... මේවා බලන්න යන අයටත් මොලේ හොඳ නෑ. හරි නම් වර්ජනය කරන්න ඕනේ මේවා...! අපේ වුවමනාවට හදපුවා නෙවෙයිනේ...!

:       0       14

බුද්ධික Wednesday, 14 September 2022 03:20 PM

දැන් මේක තියෙන්නේ ලංකාවේද? චීනෙද? මල්වට්ටි ඔලුව උඩ තියාගෙන පන්සල් ගානෙ ගිහින් ‘‘අපේ හාමුදුරුවනේ...‘‘ කියාගෙන රටම අන්දවලා හොරාකාලා අන්තිමට චීනෙට රට උකස් තිබ්බා. තවත් උත්සාහය මුලු හැතිකරේම බලයේ ඉන්න.

:       0       15

Rohana Wednesday, 14 September 2022 03:42 PM

රටම ආර්ථික අර්බුදයක ගිලිලා. බඩුමිල අහස උසට. නෙළුම් කුළුණ නැගලා කන්න නැතත් හිතින් බඩ පුරවා ගන්න තමයි මේ කියන්නේ. ඒකටත් රුපියල් 1000ක් ඕනෑලු. ජීවත්වීම බල්ලට දමා නෙලුම් කුළුනෙන් අවට සිරි නරඹා බඩ පුරවා ගනිමු නේද?

:       0       11

සත්‍යය Wednesday, 14 September 2022 04:24 PM

මේවා අපගේ, අප දරුවන්ගේ කඳුළු, දහඩිය සහ මහන්සිය. ණය ගෙවන්නේ අප සහ අපගේ දරුවන්... නිවේදන නිකුත් කරන්නේ වීන තානාපති කාර්යාලය. නව යටත් විඡිත වාදයේ ස්වභාවය...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site