
(බිමල් ශ්‍යාමන් ජයසිංහ,යොහාන් භාසුර සහ ගයාන් සූරියආරච්චි)
නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා පත්කර ඇත.
ඒ මහතා මීට පෙර කන්තලේ කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී ලෙස කටයුතු කළේය.
2014 වර්ෂයේ ජනවාරි 01 වෙනි දින ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ට සහකාර පොලිස් අධිකාරීවරයකු ලෙස සේවයට එක්වූ ඒ මහතා මහනුවර හා තිරිකුණාමලය පොලිස් කොට්ඨාසවලින් සේවය කර අනතුරුව මානව හිමිකම් කොට්ඨාසයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් නීති කොට්ඨාසයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා වශයෙන්ද , පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන්ද රාජකාරී කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී ප්‍රථම උපාධිය ලබා ගත් ඒ මහතා එම විශ්ව විද්‍යාලයේම විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය ලබා විවෘත විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිය හදාරා ඇත.
ඊට අමතරව රුසියාව , කාමභෝජය තායිලන්තය හා පිලිපීනය පැවැත්වූ පාඨමාලාවලට සහභාගිවී ඒ ඒ රටවල පොලිස් රාජකාරී පිළිබඳ විෂය අවබෝධයක්ද ලබාගෙන ඇත.
---------------------------------
(ගයාන් සූරියආරච්චි, යොහාන් භාසුර සහ බිමල් ශ්‍යාමන්)
පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිවේදී කේ.බී මනතුංග මහතා පත් කර ඇත.
මනතුංග මහතා කන්තලේ කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස මීට පෙර කටයුතු කළේය
2025 නොවැම්බර් මස 04
58
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2011
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නිහාල් යයි: මනතුංග එයි
බකල ජයා Tuesday, 03 December 2024 10:21 AM
පොලිසිය කරන හැම දෙයක්ම හොඳයි කියන හිටපු මාධ්‍ය ප්‍රකාශක නැතිවීම ජාතියට විහිළු සපයන ව්‍යාපාරයට සිදුවූ ඉමහත් පාඩුවකි.
අරවින්ද මොනරවිල Tuesday, 03 December 2024 01:38 PM
තමන්ගේ වෘත්තීයේ ගෞරවයයත් රැකගෙන ජනතාවගේ විශ්වාසයයත් දිනාගෙන වැඩ කිරිමේ අභියෝග අවබෝධ කරගත හොත් ඔබ සාර්ථක වෙයි නැත්නම් අනිත් අයවගේම ඉතිහාසයේ කුණු බක්කියටම වැටෙයි.
රම්බොඩ Tuesday, 03 December 2024 02:15 PM
එන එන ආණ්ඩුව තමන්ට පක්ෂපාතී අයව ඒ ඒ තැන් වලට දාගන්නවා. මේ ආණ්ඩුව කියලා එතනදිනම් වෙනසක් පේන්න නෑ.