IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නැ‘හිර ඉඩම් හිතුමතේට බෙදලා

(අංජුල මහික වීරරත්න)

නැගෙනහිර පළාතේ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් හිතුමතේට විවිධ පාර්ශ්වයන් වෙත ලබාදී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති නැගෙනහිර පළාතේ සංවර්ධන කමිටුවේදී අනාවරණය වී ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආගමික ස්ථාන සඳහා ඉඩම් අවිධිමත් ආකාරයෙන් ඉඩම් ලබාදී ඇති බවද මඩකලපුව දිස්ත්‍රික්කයේ මහවැලි සංවර්ධනය ව්‍යාපෘතිය සඳහා ලබාදී තිබූ ඉඩම් අක්කර විශාල ප්‍රමාණයක් වනජීවී දොර්තමේන්තුව විසින් රක්ෂිතයක් ලෙස නැවත ගැසට් කර තිබෙන බවටද මෙහිදී තොරතුරු අනාවරණය වී තිබේ.

ත්‍රිකුණාමලය තිරියාය විහාරයට අක්කර 3065 ක භූමි ප්‍රදේශයක්ද ඉල්ලා ඇති බව මෙහිදී අනාවරණය වූ අතර එය පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව මඟින් ඉඩම් අක්කර 265ක් දක්වා අඩු කර ලබාදීමට තීරණය කර තිබේ.

එමෙන්ම මඩකලපුව හා පොළොන්නරුව දිස්ත්‍රික්කය මායිම් වන මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය සඳහා 1985 වසරේ ගැසට් කළ අක්කර 45,000ක කොටස මේ වන විට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් රක්ෂිතයක් බවට ගැසට් කර ඇත.

එම සංවර්ධන ව්‍යාපෘතියේ ඉඩම් රක්ෂිතයක් බවට පත් කළේ කුමන පදනමකින් දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

එම ඉඩම් අක්කර 45,000ක කොටස රක්ෂිතයක් බවට පත් කරමින් ඉඩම් කොල්ලයක් සිදුව ඇතැයි මෙහිදී අදහස් මතු වී ඇත. ඒ අනුව 2019-2023 කාලසීමාවෙි නැගෙනහිර පළාතේ ඉඩම් ලබාදීම සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුලත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට නියෝග කර තිබේ

 



අදහස් (5)

නැ‘හිර ඉඩම් හිතුමතේට බෙදලා

Perakum Monday, 28 August 2023 01:07 AM

වාර්තාව ආව පිලිගත්ත නිදොස් කොට නිදහස් අපි බදු ගෙවනව

:       0       2

Sediris Monday, 28 August 2023 06:07 AM

අක්කර 45,000කට ශොට් එක දෙන්න යන්නේ. හිතුමතේට බෙදලා නෙමේ, හිතුමතේට බෙදන්න ප්ලෑන් කරන්න හදන්නේ කියල කිව්ව නම් තමයි හොඳ. අනිත් එක මඩු පල්ලියට අක්කර 5000ක් දෙන්න හොඳ නම් පන්සලට 3000 දෙන එකේ වරද්ද මොකද්ද. ඕවයින් නේද ආගමික ගැ‍ටුම් ඇති වෙන්නෙ එපාර. එහෙනං මඩු පල්ලියෙත් 300ක් විතර තියලා අනිත් ටික බෙදල දාන්න.

:       0       8

රන්ජිත්Monday, 28 August 2023 06:06 PM

එහෙම කරන්න බෑ. එහෙම කළොත් ලොක්කගේ පිරිවර උදහස් වෙනවා.

:       0       0

පූර්ණ Monday, 28 August 2023 10:50 AM

ලොක්ක හිතාගෙන ඉන්නෙ මිනිහ නත්තල් සීය කියල.. බටහිර සහ දකුණෙ ඉන්නෙ තමන්ගෙ පක්ෂය ම හැමදාම බඩ බැඳගෙන ඉන්න හාදයොනෙ.. කොහොම කළත්, මොනව කළත්, උන්ගෙ ඡන්ද ටික ලැබෙනව කියල මිනිහ දන්නව. හැබැයි උතුරටයි, නැගෙනහිරටයි දීලම තමයි ගන්ඩ වෙන්නෙ.. ඉතින් මිනිහ අත දිග ඇරල බෙදාගෙන යන්ඩයි හදන්නෙ.. අම්මගෙන් අප්පගෙන් හම්බුණ දේවල් නෙ.. කැලෑවක් පේන්ඩ බැරි එවුන්ට කොහොමත් වනජීවීන් කියන්නෙ වහ කදුරු වගේ තමයි..

:       0       11

Bamunuarachchi Tuesday, 29 August 2023 04:04 AM

රක්ෂිතයක් හැටියට ඉඩම් වෙන්කිරීම හිතුමතේ ඉඩම් බෙදාදීමක් නොවෙයි. වඩුගයාගේ කමිටුවේ හිටියේ සිංහලයෝද? නැතිනම් දෙමල්ලු සහ හම්බයෝද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site