IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

පසුගිය මාස කිහිපයේදී කොළඹ නගර මධ්‍යයේ පිහිටි රජයේ පාසලක, පන්තිය මැදදී ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක් බවට පත් වූ බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි.

කොළඹ නගරාසන්නයේ වෙසෙන පවුල් වල දරුවන් තම දෙමාපියන් බොහෝ අමාරුවෙන් දිනකට කෑම වේලක් සොයා ගන්නා බැවින්  නිශ්ශබ්දව කුසගින්නේ පාසල් පැමිණෙන බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන්  තම දරුවන්ට කිරි,බිත්තර,මස් ලබා දීමට දෙමාපියන්ට හැකියාවක් නොමැති බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පවසයි.

ප්‍රවාහනය,පාසල් නිල ඇඳුම්, සපත්තු සහ ලිපි ද්‍රව්‍ය වල මිල අධික වීම හේතුවෙන් ඇතැම් දරුවන් පාසල් නොපැමිණෙන බව ගුරුවරයෙකු ප්‍රකාශ කළබව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පැවසුවේය.

දරුවන්ගේ කුසගින්න සහනයක් ලබා දීමට දිවා ආහාර වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් ගුරවරුන් පුද්ගලිකව හැකි සෑම අවස්ථාවක දීම දරුවන් ආහාර ලබා දීමට උත්සහ කරන බව ගුරුවරියක ප්‍රකාශ කළ බවත් නමුත් පවතින ආහාර මිල ගණන් සමග එය ඉතාමත් අපහසු ක්‍රියාවක් බවත් ඇය පෙන්වා දුන් බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.

වංචා හා දූෂණය, කොවිඩ් වසංගතය සහ යුක්රේන යුද්ධය මගින් සංකලනය වූ විනාශකාරී ආර්ථික තීරණ මාලාවක ප්‍රථිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උදාවුණු බව ද ගාර්ඩියන් වෙබ් අඩවිය පෙන්වා දුන්නේය.

කොළඹ පාරිභෝගික මිල දර්ශනයට අනුව සැප්තැම්බර් මස ආහාර උද්ධමනය සියයට 94.9 කට ඉහළ ගොස් ඇති බවත් එයින් අදහස් කරන්නේ දෙමාපියන්ට බත්, පරිප්පු වැනි මූලික දේ පවා ලබා ගැනීමට නොහැකි වී ඇති අතර, එළවළු සහ මස් බොහෝ නිවෙස්වලට දැරිය නොහැකි සුඛෝපභෝගී භාණ්ඩ බවට පත්ව ඇති බවත් යැයි ද ගාර්ඩියන් වෙබ් අඩවිය ප්‍රකාශ කළේය.



අදහස් (1)

නිසි පෝෂණයක් නැති නිිසා ළමුන් ක්ලාන්ත වීම සාමාන්‍ය දෙයක්

GappiLahiri Friday, 28 October 2022 05:03 PM

වංචාව දූශනය කරපු එවුන් එලියට ගෙන්නන්නැතිඑක දැන් ඉන්න එවුන් ඒකම කරන්න සෙට් වෙනවා කියන එකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site