නෙස්ලේ ලංකා සමාගමේ නව කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස බර්නාඩ් ස්ටෙෆාන් මහතා 2023 මාර්තු 01 වැනිදා සිට රාජකාරි ආරම්භ කළේය. ඒ, මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ජේසන් ඇවන්සෙන්‍යා මහතාගේ ධුර කාලය 2023 පෙබරවාරි 28 දිනෙන් අවසන් වීමත් සමඟය.
අභියෝගාත්මක කාලපරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නෙස්ලේ ව්‍යාපාර කටයුතුවලට සාර්ථකව නායකත්වය ලබාදුන් ජේසන් ඇවන්සෙන්‍යා මහතා, 2023 මාර්තු 1 වැනිදා සිට නෙස්ලේ පාකිස්ථානයේ සහ නෙස්ලේ ඇෆ්ගනිස්ථානයේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස පත්වීම ලැබීය.
වසර 22කට වැඩි කාලයක අත්දැකීම් සමඟින් නෙස්ලේ ලංකා සමාගමට පැමිණෙන බර්නාඩ් මහතා, සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද්දේ ප්‍රංශයේ Nestle Watersහි සමාගම් ඒකාබද්ධකරණ සහ අත්පත්කර ගැනීමේ අංශයෙනි. ඉන් අනතුරුව එක්සත් රාජධානිය, ජර්මනිය සහ ස්විට්සර්ලන්තය වැනි රටවලට ද Nestle Waters හි විවිධ තනතුරු ඉසිලූ ඒ මහතා, 2007 වසරේදී ජර්මනියේ Nestle Waters Direct හි ව්‍යාපාර කළමනාකරු ලෙස පත්වුණේය.
ඉන් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ Nestle Peters Ice Cream හි මාර්ග විකුණුම් සහ මෙහෙයුම් අංශ ප්‍රධානියා ලෙස ඒ මහතා වැඩ භාරගත්තේය. එම තනතුරේ වසර හතරකට වැඩි කාලයක් කටයුතු කිරීමෙන් අනතුරුව ඔහු 2012 වසරේදී චීන කලාපයේ ප්‍රධාන ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන නිලධාරියා ලෙස සේවය කළ ඒ මහතා 2017 වසරේදී යළි ස්විට්සර්ලන්තය බලාගිය ඔහු ආසියානු, ඕෂනියා සහ අප්‍රිකානු කලාප කළමනාකරු ලෙස කටයුතු කළේය. එම කාලය තුළ චීනය, දකුණු ආසියාව, නෙස්ලේ පාකිස්ථාන් සහ එම කලාපයේ අයිස්ක්‍රීම් අංශයේ ප්‍රධාන අලෙවි, විකුණුම් සහ ඊ-වානිජ ප්‍රධානියා ලෙස රාජකාරි කළේය. මීට වසරකට ඉහතදී Greater China කලාපය නිර්මාණය කිරීමෙන් අනතුරුව එහි නියෝජ්‍ය ප්‍රධානියා ලෙස බර්නාඩ් මහතා සේවය කළේය.
595
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
නෙස්ලේ ලංකා නව කළමනාකාර අධ්‍යක්ෂ බර්නාඩ් ස්ටෙෆාන්