දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල තෙක් විවෘත කිරීමත් සමඟ, නිදහසේ නිවාඩුවක් ගත කිරීමට කදිම අවස්ථාවක් උදාවී තිබේ. ඒ සඳහා යා යුත්තේ, බුත්තල ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනයටය.
බුත්තල කතරගම මාර්ගයේ, මැණික් ගඟ අසබඩ ගැමි පරිසරයක පිහිටි ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනය දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය දිනූවකි.
සොබා සුන්දරත්වය සහ ගැමි ජීවිතය මැද අක්කර පහක භූමියක පිහිටි ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනය වායු සමීකරණය කළ සුව පහසු බංගලා දෙකකින් සමන්විතය.
උදේ දවල් රෑ ප්‍රණීත ශ්‍රී ලංකන් කෑම රසවිදීමට ඉඩ ලැබෙයි. මේ සියලු පහසුකම් ලැබෙන්නේ සාධාරණ මිලකට වීම විශේෂත්වයකි. බංගලා ගෙවත්තේ සිසිලස විඳිමින් බාබකියු රස බැලීමේ අවස්ථාවද ලබාගත හැක්කේ ඉතාම සාධාරණ මිලකටය.
ආහාර සඳහා යොදා ගන්නේ නිවාඩු නිකේතනයට යාබද ගෙවත්තෙන් ලබා ගන්නා වස විෂ නැති එළවළුය. එහෙයින් ඒවා සැමවිටම නැවුම් බවකින් යුත්තය. මැණික් ගඟ දිගේ අසල ගමට පා පැදි සවාරි යෑමට ද පහසුකම් සැපයෙන අතර, ඝෝෂාකාරී, පීඩනෙයන් පිරි කාර්ය බහුල ජීවිතයෙන් මිදී නිවාඩුවක් ගත කිරීමට ‘වයිල්ඩ්ස්කේප්’ සුදුසු තැනකි. ‘වයිල්ඩ්ස්කේප්’ දෙදනකුට පහසුකම් පිරි ඩබල්රූම් කාමරයකින්, තිදෙනකුට පහසුකම් සහිත කාමරයකින්, සිවු දෙනකුට පහසුකම් පිරි එක් පවුලකට සියලු පහසුකම් සහිත කාමරයකින් යනාදී වශයෙන් සමන්විත ය. වායු සමීකරණ පහසුකම් සහ උණු වතුර පහසුකම් ඇත්තේ ප්‍රධාන බංගලාවේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නිස්කලංක නිවාඩුවකට ‘‘වයිල්ඩ්ස්කේප්’’