IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

(ඩයනා උදයංගනී)

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස පත්කෙරුණු වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිහිටි කාර්යාලයේ දී අද (29) පෙරවරුවේ පැවැති චාම් උත්සවයකින් පසු සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී තිබිණි.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා 2001 වසරේ සිට 2003 වසර දක්වා මොණරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කර ඇති අතර හොරණ මහ රෝහලේ වෛද්‍ය අධිකාරි ලෙස මෙන්ම මුල්ලේරියාව රෝහලේ අධ්‍යක්‍ෂවරයා ලෙසද කටයුතු කර ඇත.

ඔහු මොණරාගල බඩල්කුඹුර රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ලෙසත්,  බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ මාතෘ හා ළමා සෞඛ්‍ය නිලධාරී ලෙසත් සේවය කොට ඇත.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, අමාත්‍යාංශ ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩ අරඹයි

Thiva Thursday, 29 October 2020 10:26 AM

කෝ මාස්ක්??? අවවාදයට වඩා ආදර්ශය වටිනවා... නිදහසට කරුණු කොතෙක් තිබුනත් වැරදි ආදර්ශයක්

:       2       15

sugath Thursday, 29 October 2020 11:39 AM

රටේ දැන් තිබෙන තත්වයට අවශ්‍ය වන්නේ අලුත් සෞඛ්‍ය ඇමතිවරයෙක්.

:       3       17

hesa Thursday, 29 October 2020 07:56 PM

මොනවා වුණත් බලද්දී දැන් වසංගතය පැතිරීම ඉතා වේගවත්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 183 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site