IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි

(ප්‍රසංග පෙරේරා සහ ගයාන් සූරිය ආරච්චි ) 

වයස මාස 09 ක ළදැරියක ළිං පතුළක මියගොස් සිටියදී ඊයේ (28) දින සොයාගත් බව මහබාගේ පොලීසිය පවසයි.

මහබාගේ රාගම හල්ලන්දුරුව ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් ළිඳක මියගොස් ජලය මත පා වෙමින් තිබියදී මෙම මළ සිරුර සොයා ගනු ලැබිණි.

මිය ගිය ළදැරිය හල්ලන්දුරුව රාගම ලිපිනයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගත් බව මහබාගේ පොලිසිය පවසයි.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මව විසින්  නිවස අසල පිහිටි ළිඳකට බිළිඳිය විසිකර ඝාතනය කරන්නට ඇති බව පොලිසිය සැක පල කරයි.

දැරියගේ පියා වත්තල ප්‍රදේශයේ වාහන අංගනයක සේවය කරන බව ද පොලිසිය පවසයි.

ළදැරියකගේ අතුරදන් වීමක් සම්බන්ධයෙන් පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව පොලිසිය හා ප්‍රදේශවාසීහු එක්ව කළ සොයාබැලීමේ දී සීසීටීවී දර්ශන අනුව ළදැරියගේ මව විසින් ඇයව වඩාගෙන දැරිය මියගොස් සිටි ළිඳ පිහිටි නිවස දෙසට ගමන් කරන අයුරු නිරීක්ෂණ වී තිබේ.

ළදැරිය මියගොස් ඇති ආකාරය සැක සහිත බැවින් වැලිසර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් සිදු කළ ස්ථානීය පරීක්ෂාවකින් පසුව දේහය පිළිබඳ පශ්චාත් අධිකරණය මරණ පරීක්ෂණයක් පැවැත්වීමට දේහය රාගම රෝහලට රැගෙන යන ලෙස පොලිසියට උපදෙස් දී ඇත.

සැකකටයුතු මරණය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.



අදහස් (0)

නව මස් ළදැරිය ළිං පතුලෙන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site