
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව වෙනුවෙන් නව පත්වීම් ලැබූ මහකොමසාරිස්වරු, කොමසාරිස්වරු සහ තානාපතිවරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (19) හමුවූහ.
ඉන්දියාව සඳහා පී.එම්. කොලොන්නේ, නිව්යෝර්ක් සඳහා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයන්ත ජයසූරිය, කියුබාව සඳහා ආර්. එම්. මහින්දදාස රත්නායක, පාකිස්ථානය වෙනුවෙන් විශ්‍රාමික රියර් අද්මිරාල් ෆ්රෙඩ් සෙනෙවිරත්න, ජපානය සඳහා මහාචාර්ය පී. ජානක කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සඳහා මහාචාර්ය අරූෂා කුරේ, එක්සත් රාජධානිය සඳහා එස්. ඩී. එන්. යූ. සේනාධිර යන මහත්ම මහත්මීහු මහකොමසාරිස්වරු , කොමසාරිස්වරු සහ තානාපතිවරු ලෙස පිටත්ව යාමට නියමිතය.
නව තානාපතිවරුන් සහ කොමසාරිස්වරුන් සිය ධූරකාලය තුළ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන කරුණු පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරිය දැනුවත් කිරීමට ද කටයුතු කළ අතර අග්‍රාමාත්‍යතුමිය එහිදී සුභ පැතුම් පළ කළාය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, විදේශ කටයුතු අමාත්‍යංශයේ මානව සම්පත් සහ මෙහෙයුම් කළමනාකරණය පිලිබඳ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් දසනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
2025 නොවැම්බර් මස 04
660
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2331
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1723
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව පත්වීම් ලැබූ රාජ්‍යතාන්ත්‍රිකයෝ අගමැති හමුවෙති
Asela Monday, 19 May 2025 07:32 PM
මොනවා කියන්නද? හිටපු ප්‍රධාන විනිසුරුවරයා NPP පාලනයේ දේශපාලන කූඩයට වැටිලා. NPP ගැන කුණුහරප ලියන සියලුම මහාචාර්යවරු දැන් තානාපතිවරු. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා මුස්ලිම් තානාපතිවරයෙකු තෝරා ගැනීම කළ යුතුයි. රාජ්‍ය තාන්ත්‍රික පත්වීමක් නොව දේශපාලන පත්වීමක් වගේ...
ගුණරත්න Monday, 19 May 2025 07:34 PM
මේ ඔක්කොම විදේශ සේවාවේ ප්‍රවීණයෝ නේද, හරි හොඳයි ඉතින්...
ව්පරමා Monday, 19 May 2025 07:42 PM
රාජ්‍ය ත්‍රාන්තික කිසිම දැනුමක් නැති දේසපාලුවන්ගේ හෙන්චයියන්, ගායක ගායිකාවෝ, වැඩකට නැති හාල්පාරුවෝ තමා මීට කලින් පත් වුනේ? මෙවර උගත් හරිහමන් පිරිසක් තෝරා පත් කරගත් බවක් පේනවා...!
රසිකTuesday, 20 May 2025 01:15 AM
අනේ විපරමෝ පේන්නෙ නැද්ද හිටපු අග විනිසුරුටත් පත්වීමක් දීපු එක කලගුන සලකන්න? මොකද්ද වෙනස? කලින් ගියෙත් ආචාර්ය නලින් ද සිල්වා, මහාචාර්ය ගංගනාත් වගේ උගතුන් තමයි. ලැජ්ජ නැද්ද ?
Lakminda Tuesday, 20 May 2025 10:39 AM
රට වෙනුවෙන් අමිල මෙහෙවරක් කිරීමට සැමට හැකියාව ලැබේවා. නිමල් සේනාධීර සර්ට උණුසුම් සුභ පැතුම්!