
(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ නව කතානායක ලෙස මහින්ද යාපා අබේවර්ධන මහතා ද, නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය මහතාද පත්කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අද(19) පස්වරුවේ තීරණය කළේය.
නියෝජ්‍ය කාරක සභාවේ සභාපති ධූරයට අංගජන් රාමනාදන් මහතා පත්කිරීමට ද ආණ්ඩු පක්ෂය තීරණය කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ජනාධිපති කාර්යාලයේදී අද පස්වරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.
මේ අතර, පාර්ලිමේන්තුවේ සභානායක ධූරයට දිනේෂ් ගුණවර්ධන මහතා ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාද පත්කිරීමට එහිදී තීරණය කර ඇත.
2025 නොවැම්බර් මස 04
473
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2223
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නව කතානායක මහින්ද යාපා
Kuma Wednesday, 19 August 2020 02:45 PM
අග්‍රඵලය නෙලාගෙන නිහඬව බලාසිටින කෙනාට මොනවත් නැත්ද?
සෙනෙවිරත්න Wednesday, 19 August 2020 03:37 PM
බෑණා ගැනද කියන්නේ?
JayamalThursday, 20 August 2020 02:07 AM
එතුමාට අග්‍රඵල ලැබෙන්නේ ව්‍යවස්ථාව හැදුවට පස්සේ කියලා තමයි ආරංචි... එතුමා වෙනුවෙන් අලුත්ම තනතුරක් හදනවලු. 2/3 ඉල්ලුවේ ඒකටත් එක්ක තමයි.
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 20 August 2020 12:52 AM
මෛත්‍රිපාල සිරිසේන මහතා කථානායක ලෙස පත්වෙනවා කියා ආරංචියක් පැතිර ගියා. එය එසේ වේයැයි කියා බොහෝදෙනා කළකිරීමෙන් සිටිනා බවක් පෙනුණා. ඒත්, මහින්ද යාපා මහතා මේ සඳහා පත්වූ එක හොඳ දෙයක්. එතුමා හොඳ දේශපාලනඥයෙක්. සියඹලාපිටිය මහතාත් හොඳයි.
gagana Thursday, 20 August 2020 08:02 AM
අග්‍රඵලය කෙසේවෙතත් මනුස්සයාව එකත් පසෙක තියන එක රටට හිතකරයි. මොකද ආත්ම ගරුත්වයක් නැති ගේම්කරුවෙකු ලඟ තබා ගැනීම ඇඟට ගුණ නෑනේ නේද?