IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

(අජන්ත කුමාර අගලකඩ)

නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඉදිරියේ කොටුව ජනාධිපති මන්දිරයේදී  හෙට (18) දිවුරුම්දීමට නියමිතය.

නව අමාත්‍ය මණ්ඩලය විසි දෙදෙනකුගෙන් පමණ සමන්විත වන බව  රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ආණ්ඩුවට එරෙහිව එල්ල වූ විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් 3 වැනිදා රාත්‍රියේ ඉල්ලා අස්වූ අතර ,පාර්ලිමේන්තුවේ   සහ රජයේ  කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යාමට  ඇමතිවරු තිදෙනෙක් පමණක්  ජනාධිපතිවරයා විසින්  ඊට  පසු දින  පත්කරනු ලැබූහ.     

හිටපු කැබිනට් අමාත්‍යවරුන් දස දෙනකු පමණ නව කැබිනට් මණ්ඩලයට ඇතුළත් වනු ඇති අතර, ඉතිරි සියලු දෙනා තරුණ මන්ත්‍රීවරුන් බවද පැවසේ.

අමාත්‍ය මණ්ඩලයේ දැනට සිටින මහාචාර්ය ජී එල් පීරිස් ,දිනේෂ් ගුණවර්ධන, අලි සබ්‍ර් සහ ජොන්ස්ටන්  ප්‍රනාන්දු යන මහත්තුරුන්ට අමතරව වෛද්‍ය රමේෂ් පතිරණ,ඩග්ලස් දේවානන්ද,දිලුම් අමුණුගම ඇතුළු හිටපු ඇමතිවරුන් කිහිපදෙනකුට  කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතය .
මේ අතර කාංචන විජේසේකර ,රොෂාන් රණසිංහ,ඩී වී චානක, ෂෙහාන් සේමසිංහ, කනක හේරත් ,ජානක වක්කුඹුර, මහාචාර්ය චන්න ජයසුමන  ඇතුළු  රාජ්‍ය ඇමතිවරුන් පිරිසකට ද කැබිනට් අමාත්‍ය ධුර හිමිවීමට නියමිතව ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ,හිටපු කැබිනට් අමාත්‍යවරුන්  ගණනාවක්ම තමන්ට  අමාත්‍යධූර  අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට පෙරේදා (16)රාත්‍රියේ දැනුම් දී ඇති බවද පැවසේ.
 ආචාර්ය බන්දුල ගුණවර්ධන ,ගාමිණී ලොකුගේ, ප්‍රසන්න රණතුංග , එස් එම් චන්ද්‍රසේන,ජනක බණ්ඩාර තෙන්නකෝන්, සී බී රත්නායක , පවිත්‍රා වන්නිආරච්චි,රෝහිත අබේගුණවර්ධන   ඇතුළු ඇමතිවරුන් ගණනාවක් අමාත්‍යධූරය අනවශ්‍ය බවට ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව දැනගන්නට ඇත.

මේ අතර ,ඩලස් අලහප්පෙරුම , රියර්  අද්මිරාල් සරත් වීරසේකර යන  මහත්වරුන් අද (17) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුර බාර නොගන්නා බවය .

රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනකු කැබිනට් මණ්ඩලයට පත් වීමත් සමඟ  ඇතිවන පුරප්පාඩු සඳහා මහාචාර්ය චරිත හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,ඩිලාන් පෙරේරා,එස් ඒ ඩී ජගත් කුමාර යන  මන්ත්‍රීවරුන් ඇතුළු  කිහිප දෙනකුටද රාජ්‍ය අමාත්‍යධුර හිමිවීමට නියමිතව ඇතැයි දැනගන්නට ඇත.

 



අදහස් (3)

නව ඇමැති මණ්ඩලය හෙට දිවුරුම් දෙයි

Nuganda Monday, 18 April 2022 09:06 AM

ඉවත් වුණු සියලු දෙනාටම අපේ ආචාරය...!

:       0       0

sharm warn Monday, 18 April 2022 11:48 AM

කවුරු ඇමැතිකම් ගත්තත් මහ පුටුවේ ඉන්න අය වෙනස් නොවී මේ ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. සුපුරුදු අයම පත්කරලා. එදා පටන් කඩේ ගිය බඩවියත් මගේ හොරු, කොහොමත් පස්සෙන් ගිය දෙවැනි පෙලේ හොරු.., දේශපාලනය කියන්නේ හොරකමට බලපත්‍රයක් කියලා හිතාගෙන ඉන්න අයට බලය දුන්නාම මීටවඩා දෙයක් බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ..

:       0       1

Lelwala Monday, 18 April 2022 07:04 PM

කවුරු බලයට ආවත් උද්ඝෝෂණ, වැඩවර්ජන නිසා රට පාලනය කළ නොහැක. මේවාට තිත තැබිය යුතු කාලයයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 539 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1691 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site