IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

කොළඹ වරාය රන්වල නාවික හමුදා අවි ගබඩාවෙන් සොරාගත් ටි 56 ගිනි අවියක් සමඟ නාවික හමුදා සෙබලෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදා මූලස්ථානය කියයි.

ලද තොරතුරකට අනුව නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක් කුලියාපිටිය පොලිසියේ නිලධාරීන්ගේ සහය ඇතිව ගල්පොළ ජනපදය ඉලුක්හේන ප්‍රදේශයේ පිහිටි නාවික හමුදාවට අනුයුක්ත සේවය කරනු ලබන සෙබලෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය හමුවී ඇත.

සැකකාර සෙබළා 2021 වසරේදී කොළඹ වරාය රන්වල කඳවුරට අනුයුක්තව අවි ගබඩාව භාරව කටයුතු කළ සෙබලා බවත් එම කාලයේදී මෙම ටි 56 ගිනි අවිය අස්ථානගත වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර සෙබළා ගිනි අවිය සමඟ වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් නාවික හමුදාව විමර්ශනවලින් පසු වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිස් මූලස්ථානය වෙත භාරදීමට නියමිතව ඇතැයි නාවික හමුදාවේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

නවික හමුදා අවි ගබඩාවෙන් අවියක් පැන්නූ සෙබළා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site