IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට වාසුත් ඇවිත්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ  ප්‍රධානත්වයෙන් අද (22) පැවැත්වුණු නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශයේ   මහජන දිනයට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයකු වූ හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාද  සහභාගී වීම විශේෂත්වයකි.

නුගේගොඩ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලුවක් නානායක්කාර මහතා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට එහිදී ඉදිරිපත් කළේය.

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ ගැටළුව විනාඩි කිහිපයක් ඇතුළත විසඳා දීමට ප්‍රසන්න රණතුංග මහතා එහිදී  පියවර ගත්තේය.

මෙම මහජන දිනයට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති ආයතන 21ක සභාපතිවරු අධ්‍යක්ෂ ජනරාල්වරු සහ සාමාන්‍යාධිකාරීවරු සහභාගී වූහ.

මහජන දිනය ආරම්භ කරමින් ප්‍රකාශයක් කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ආයතන ප්‍රධානීන්ට දැනුම් දුන්නේ ජනතාව සතිපතා ඉදිරිපත්කරන ගැටලුවලට ඒ සතියෙම විසඳුම් ලබාදී තමාට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.

කිසි විටෙකත් ජනතාව රස්තියාදු නොකළ යුතු බව කියා සිටි  අමාත්‍යවරයා එම ගැටළු ඊළඟ මහජන දිනයට ඉදිරිපත් නොකිරීමට  නිලධාරීන් වග බලා ගත යුතු බවද අවධාරණය කළේය.



අදහස් (3)

නිවාස අමාත්‍යාංශයේ මහජන දිනයට වාසුත් ඇවිත්

ගමේ එකාලා Monday, 22 August 2022 04:25 PM

ගමේ මිනිස්සු දන්නවා රණතුංගලාගේ කෙරුවාවල්... කප්පම් ගන්න හොඳ අවස්ථාවක්... නිවාස ඇමැතිකම..?

:       0       0

Siriseena Monday, 22 August 2022 06:30 PM

වාසුදේව කියන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ 1970 සිටම සිටින මංත්‍රී කෙනෙක් .දැනට ඔහුට ඇමති තනතුරක් නැහැ එනිසා ඔහු වැඩ කරන්න ඕන ඔහු පාර්ලිමේන්තුවට යැවූ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් .මොහුට චන්දය දුන් රත්නපුර ජනතාව අමතක වෙලා

:       6       10

ගමේ එකාලාTuesday, 23 August 2022 03:34 PM

අනේ එයා කරන වැඩ..දැන් 85 ටත් කිට්ටුයි.නහින දෙහින කාලේ පිනක් දහමක් කරගෙන පැත්තතකට වෙලා ඉන්නේ නැතුව තවත් බල තණ්හාව ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site