IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවැසියන් සිරකර ලක්ෂ 200ක රන්-මුදල් කොල්ල කාලා

(  හිරාන් ප්‍රියංකර ජයසිංහ )

මාදම්පේ තඹගල්ල ප්‍රදේශයෙ ව්‍යාපාරිකයකුගෙ නිවසට කඩා වැදුණ තියුණු ආයුධ සහිතව සිටි සොරුන් පිරිසක් එම නිවසේ හිමිකරුවන් කාමරයක සිර කර දමා රුපියල් ලක්ෂ 200 කට ආසන්න මුදල් හා රන් ආභරණ සොරා ගෙන ගොස් ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

ඊයේ (18 )  රාත්‍රි 7 ට පමණ වැන් රථයකින් පැමිණි සිව් දෙනෙකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් කඩු හා තියුණු ආයුධ වලින් සන්නද්ධව පැමිණ මෙම කොල්ලය සිදුකර ඇති බව කියයි.

කොල්ලකරුවන් විසින් මෙම තඹගල්ල ප්‍රදේශයෙ අදාල නිවසේ කාමර දෙකක් තුළ තිබු ලක්ෂ අනු තුනකට ආසන්න මුදලක් සමග රන් පවුම් 35 කට ආසන්න ප්‍රමාණයක් මෙසේ කොල්ලකා පලා ගොස් ඇති බව කියයි.

අදාල සිද්දියට මුහුන පෑ තඹගල්ල නිවසේ හිමිකරුවන් පොල් ව්‍යාපාරීකයින් බවත් ඒ සමගම තවත් කිසියම් ව්‍යාපාර නිරත වන බවද පොලිස් පරික්ෂණ වලදි හෙළිව තිබේ.

කාමරයෙ සිර කර සිටි නිවැසියන් දොරවල් කඩා එළියට පැමිණ ඇති බවත් ඉන් පසුව මාදම්පේ පොලිසියට පැමිනිලි කිරීමට කටයුතු කර තිබු බව කියයි.

 

 



අදහස් (1)

නිවැසියන් සිරකර ලක්ෂ 200ක රන්-මුදල් කොල්ල කාලා

පැරකුම් Thursday, 19 October 2023 07:19 PM

මේ ගෙදර කාගේවත් අතේ ජංගම දුරකථනයක් තිබුනේ නැද්ද පොලිසියට කෝල් කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site