IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නිවසට වෙනසක් එක් කරන Alumex හි නවතම ඇලු‍මිනියම් නිෂ්පාදන

Hayleysව්‍යාපාරයේ ඉදිකිරීම් ද්‍රව්‍ය අංශයේ සුවිශේෂි සන්නාමයක් මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇලු‍මිනියම් නිෂ්පාදන සන්නාමය වන Alumex PLC විසින් එහි නිෂ්පාදන පෙළේ උපායමාර්ගික ව්‍යාප්තියක් පසුගියදා හඳුන්වාදෙන ලදි. ජංගම දුරකථන රඳවන සහ ටැබ් යන්ත්‍ර රඳවනය දර්පණ (Threshold), බහුකාර්ය රාක්ක සහ තවත්  ගෘහ උපාංග එකතුවක්  නිවෙස්වල දෛනික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් Alumex PLC නිර්මාණය කර ඇත.

මෙහිදී Alumex PLC හි කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රමුක් දැදිවෙල මහතා මෙසේ සිය අදහස් ප්‍රකාශ කළේය. ”‍වර්තමාන අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම ප්‍රමිතියෙන් යුත් අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇති අපගේ Alumex PLC නිෂ්පාදන සතු කල්පවත්නා බව විශිෂ්ටත්වය කරා යන අපගේ ගමනට ඉවහල් වන බව අපි විශ්වාස කරනවා.  වඩාත් සුවපහසු , ක්‍රියාකාරී, අලංකාර සහ ආරක්ෂාව සහිත අපගේ නිෂ්පාදන මෙන්ම අප කාර්ය මණ්ඩලයේ  කාර්යක්ෂම සේවය  පාරිභෝගිකයන් වෙත ඉහළම සේවාවක් සැපයීම වෙනුවෙන් අප ආයතනය දක්වන කැපවීම පිළිබඳව කදිම සාක්ෂියක්”‍.

නිවසක් වැඩිදියුණු කිරීමේදී හෝ ඉදිකිරීමේදී එහි දිගු කාලීන පැවැත්ම වෙනුවෙන් බොහෝ දෙනෙක් ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් උපදෙස් ලබා ගනිති. දැවමය නිමාව සහ ඇලු‍මිනියම් සතු සවිමත් බව මැනවින් මුසු කර  නිර්මාණය කරන ලද Alumex Building (ABS) හි ස්ලයිඩින් කවුළු දිගු කල් පැවැත්මක් සහ නව පෙනුමක් නිවහන වෙත ලබාදෙන අතර දැවමය නිමාවෙන් යුත් උපකරණ පමණක් තෝරා ගැනීම පිළිබඳව ඇති මතය ද එමඟින් නිරායාසයෙන් අභියෝගයට ලක් වේ. වසර 30ක් දක්වා වූ ආකර්ෂණීය වගකීම් සහතිකයක් සහිතව පිරිනමන මෙම නිෂ්පාදන මාලාව වැය වන කාලයත්, පිරිවැයත් ඉතිරි කරන දිගුකාලීන විසඳුමක් ලෙස එය පාරිභෝගික දෛනික දිවිය ඉහළ නංවමින්  තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි

595



අදහස් (0)

නිවසට වෙනසක් එක් කරන Alumex හි නවතම ඇලු‍මිනියම් නිෂ්පාදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site