IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නිවසට ගලක් පෙරැළි තිදරු පියා මරුට

( සිරංගිකා ලොකුකරවිට,ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් අද (05 ) එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ විජයානන්ද මාවත, වැලිවත්තේ පදිංචි අමරසේන විජේසිංහ නමැති 78 හැවිරිදි තිදරු පියෙකි.  ඔහු නිවසේ සිටිය දී ගල් සමඟ පස් කන්දක් නිවෙසේ බිත්තියකට වැටී එයට යට වී මියගොස් ඇති බව පොලිසිය පවසයි. 

මියගිය අයගේ පවුලේ සාමාජිකයන් කිහිපදෙනකු ද එම අවස්ථාවේ නිවසේ සිට ඇති නමුත් ඔවුන්ට අනතුරක් සිදුව නොමැත.නිවසට යාබද කන්දේ අඩි 15ක් පමණ උසින් පිහිටි ගලක් මෙලෙස පෙරළී ඇත.



අදහස් (0)

නිවසට ගලක් පෙරැළි තිදරු පියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 240 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site