(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ලක්ෂ දොළහක් පමණ වටිනා රන් භාණඩ හා හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
තියුණු ආයුධ ප්‍රහාරයෙන් මුඛයට ගෙලට හා අතකට කැපුම් තුවාල ලද කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.
හෝමාගම දුම්රියපොළ පාරේ පිහිටි ප්ලාස්ටික් භාණඩ අළෙවි සැලක් විවෘත කිරීම සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ සිට තවත් කාන්තාවක් සමඟ තුවාල ලද කාන්තාව අද (28) දා උදෑසන පැමිණ ඇති අතර ඊට පෙර සුපුරුදු පරිදි යාබදව පිහිටි සිය පුතාගේ දෙමහල් නිවසට ඇතුළු වීමට ගොස් තිබේ.
එසේ යන අවස්ථාවේදී එහි නාඳුනන පුද්ගලයෙකු රැඳී සිටින අයුරු සහායක කාන්තාව දැක ඇති අතර එහිදී ඇයගේ කෑ ගැසීමත් සමග නාඳුනන පුද්ගලයා අත තිබූ තියුණු ආයුධයක් වෙළඳ සැල හිමි කාන්තාවගේ ගෙලට තබා බියගන්වා , පහර දී , මරණීය තර්ජනය කොට , ගෙළ බැඳි රන්මාලය , රන් වළලු දෙකක් හා අත් බෑගයේ තිබූ හිමිකම් ඔප්පුවක් කොල්ලකා පලා ගොස් ඇති බව පැවසේ.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසක සිටි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක්