IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්

(නිමල කොඩිතුවක්කු)

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, ප්‍රනීත ආහාරවේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

මෙම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය මහරගම අපේක්ෂා රෝහල කේන්ද්‍රගත කරගනිමින් ආරම්භ කිරීමට නියමිත අතර මේ සම්බන්ධයෙන් වන සාකච්චාවක් ඊයේ(6) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

ප්‍රනීත, ගුණදායක ආහාරවේලක් ප්‍රියමනාපව රෝගියාට ලබා දීමේ අවශ්‍යතාවය සහිතව මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භකරන මෙම නියමු ව්‍යාපෘතිය ඉදිරියේ දී මෙරට සියලු රජයේ රෝහලවල ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව අති විශාල මුදලක් රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ආහාර පාන ලබා දීම සදහා වැය කළත් එම මුදලට සාධාරණයක් ඉටුවන්නේ ද යන්න ගැටළු මතුවන බවත් අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (8)

නේවාසික රෝගීන්ට ප්‍රනීත් ආහාර වේලක්

Asela Sunday, 06 July 2025 02:38 PM

අගය කළ යුතු පුවතක්... අගය කරනවා. ඒ වගේම රෝහලේ නිකරුණේ සේවය කරන සේවකයෝ ඉන්නවා, රෝගියා එක්ක කතා කරන්න වැටුප් ලබන සේවකයෝ විදිහට බාහිර කාන්තාවන්/ පිරිමින් ඉන්නවා. මේක රෝහලේ පිළිකාවක්. හෙදියන්/වෛද්‍යවරුත් මේ මාෆියාව දන්නවා. දුප්පතුන්ගේ යහපත සඳහා, කරුණාකර මේ ගැන සොයා බලන්න.

:       2       24

prasanna Sunday, 06 July 2025 06:02 PM

මේකත් සුරංගනා කතාවක් සහ පචයක්. ආහාර වෙලාව රසට කොහොමත් දෙන්න ඕනේ. අමුතුවෙන් කියන්න උවමනා නෑ. ජනතාවගේ බදු මුදල් වලින් මේ පිරිවැය දරන්නේ. කෑම රස නැතිනම් කෝකියන් එම අවස්ථාවේම දැනුවත් කරන්න ඕනේ. මේක ඩයටිෂියන්ගේ වැඩක් — පොලිටීෂියන්ගේ වැඩක් නෙමේ.

:       1       1

DineshMonday, 07 July 2025 04:12 PM

මොනවා හරි හොඳ දෙයක් වෙනකොට ප්‍රසන්නලාට ඉන්න බෑ. වැරැදිමයි හොයන්නේ...

:       0       0

Athula k Sunday, 06 July 2025 08:55 PM

රෝහල් වාට්ටු වල ඉන්න රෝගීන් සියල්ලටම අහාර අනුව නම් කරනවා. නමුත් ආහාර ගන්නේ ඉතා සුළු පිරිසක්... මුළු රෝගීන් ගාණටම ගෙවීම් සිදුවෙනවා. එහෙම වෙලත් දෙන්න ඉතාම අඩු ගුණාත්මක බවින් යුතු ආහාර... ලැබෙන ඒවායින් කොටසක් රෝහල් සේවකයෝ කොල්ලකනවා. නින්දිතයි...

:       0       1

pj Monday, 07 July 2025 09:10 AM

කෑමට පෙර හෝ පසු බෙහෙත් දෙන්නත් අමතක නොකරන්න...

:       1       3

MD Monday, 07 July 2025 09:15 AM

රෝහල්වල පිරිමි attendant කෙනෙක් හොයාගන්න ඵක තමයි ලොකුම ගැටලුව.ඵයාලාට මොකක් හරි ඉලෙක්ට්‍රොනික් පළඳනාවක් අතට හරි කකුල්වලට හරි සවිකරනු.වෙනම පාතාල සිස්ටම් එකක් ඵතන යන්නෙ.බලධාරීන්ට ඇසෙන්නට දකින්නට ලැබේවා.

:       0       3

Bunny Preena Monday, 07 July 2025 09:23 AM

මමත් දවස් 3ක් රාගම රෝහලේ නේවාසිකව හිටියා. දීපු කෑම බොහොම පිරිසිඳුවට රසට තිබුණා. 3 වේලටම කෑවේ ඉස්පිරිතාලෙන්. එළවළු 3ක් සමඟ මොනවහරි මාළුවක් තිබුණා. කෑම බෙදන කට්ටිය ආහාරය බෙදුවේ ආදරෙන් බොහොම කරුණාවෙන්. සමහර අයට එය වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ අවංකව මට දැනුණු දෙය . වෛද්‍ය කාර්ය මණ්ඩලයත් එහෙමමයි. ආහාර වෙලාවල ගුණාත්මක භාවය වැඩි කරන්න කරන යෝජනාව අගය කළ යුත්තක් . ලෙඩ්ඩු බලන්න ගෙදරින් එන සමහර අයට අත වනවන එන්න පුළුවන් කෑම පාර්සල් උස්සන් එන්නේ නැතුව.

:       0       5

Jayasekara Monday, 07 July 2025 10:43 AM

කොළඹ මහ රෝහලේ සේවය අතිවිශිෂ්ටයි... 10% වගේ අපතයෝ ඉන්නවා... ඒක කොහොමත් හැම තැනම තියෙනවා... නමුත් සමස්තයක් විදියට බැලූවම එහි සේවය හරිම ගුණාත්මකයි... සුලු සේවකයන් සිට ඉහළ පුටුවල ඉන්න අයට ප්‍රණාමය...!!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 493 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2236 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1673 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site