(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී පහර දී පිස්තෝලය පැහැරගත් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
කොල්ල කන ලද පිස්තෝලය සැකකරු පදිංචි දකුණු තලංගම නිවසේ උඩු මහලේ සඟවා තිබී සොයාගෙන ඇත.
ඉකුත් මැයි නම වැනි දින නගරාධිපතිවරයා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී කැබ් රථය නවතා එයට මෙන්ම නගරාධිපතිවරයාට සහ රියදුරුට පහර දී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක මුදලක් සහ ගිනි අවිය කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක දකුණු තලංගම පදිංචි පුද්ගලයෙකි
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවලපිටිය නගරාධිපතිගේ පිස්තෝලය පැහැගත් ත්‍රිවිල් රියැදුරා මාට්ටු
Perera Sunday, 18 September 2022 01:26 PM
පිස්තෝලයක් ළඟ තියාගෙන ඉඳලා ඒක ගහලා අදුරාගන්නකන් බකන් නිලන් ඉඳලද වෙඩි තියන්නේ නැතිව?
BamunuarachchiMonday, 19 September 2022 07:35 AM
මෙයාගේ විතරක් නොවෙයි අපේ පොලිස් ගොයියන්ගේත් පිස්තෝල උදුරන් ගිහිල්ලා තිබෙනවා. අනික මේ හාදය වෙඩි නොතිබ්බ එක හොඳයි. වෙඩි තිබ්බානම් මැරෙන්නේ අහළ පහල මිනිස්සු. කෙනෙකුට වෙඩි තියන්නත් ඝටක් තිබෙන්න ඕනේ... හැම ගොබ්බයාටම ඒක කරන්න බැහැ...
indikaMonday, 19 September 2022 09:58 AM
මොන මෝඩයාද උණ්ඩ 6ක් තියාගෙන සෙනග 500 කට, 1000 කට වෙඩි තියන්නේ. සභාපති කළ දේ හරි... ගුටිකාලා බේරුණා.
ලොකු ශාන්ත Sunday, 18 September 2022 01:53 PM
නාවලපිටියේ නගරාධිපති කෙනෙක් සිටින පළාත් පාලන ආයතනයක් නැහැ. තියෙන්නේ සභාපති කෙනෙක් සිටින නගර සභාවක්... නගරාධිපති කෙනෙක් ඉන්න නම් මහනගර සභාවක් තියෙන්නම ඕනෑ.
Bamunuarachchi Monday, 19 September 2022 07:31 AM
බොලේ, දැන් ලංකාවත් ඉස්සර ටෙක්ස්සා වෙලා දැන් ටෙක්ස්සා ඉස්සර ලංකාව වෙලා. ක්ලිප් කරපු පිස්තෝල ගෙනයාම කැනඩාවේත් තහනම්... මේ ගොයියා පිස්තෝල අරන් ගියේ කොහොමද? මොකටද? ත්‍රීවීලර් කාරයා මේ ගොයියා ළඟ පිස්තෝල තිබෙන බව දන්නේ කොහොමද?
sharm warn Monday, 19 September 2022 09:17 AM
නගරාධිපති, නගර සභාවකුත් නැහැයිලු... ගිනි අවියක් අරන් නාවලපිටියේ ඉඳන් කොළඹ ආවේ ඇයි කියලා හොයන්න කවුරුවත් නැද්ද? මේ පරපුටු දේශපාලුවන්ගේ නරියන්ට ගිනි අවි අරන් සැරිසරන්න නීතියෙන් අවසර තියෙනවද? සී.අයි.ඩී. එකේ. පොලිසියේ. කවුරුවත් නැද්ද මේවා ගැන පරීක්ෂණ කරන්න...? රජ ගෙදර නාපු අයට අල්ලන්නද නීති තියෙන්නේ...?