IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


’’නුවරඑළිය මන්ත්‍රී බංගලාව අපිටත් ඕනෑ’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නුවරඑළිය මන්ත්‍රී නිවාඩු නිකේතනයේ (General's House) ලැගුම් ගැනීමට තමන්ටද අවස්ථාව දෙන ලෙස පාර්ලිමේන්තුවේ විශ්‍රාමික සේවකයන් පිරිසක් එහි  ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී සලකා බැලෙනු ඇත

නුවරඑළියේ මන්ත්‍රී නිවාඩු නිකේතනයේ  කොටසක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට වෙන්කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඉකුත්දා තීරණය කළේය.

මෙම නිවාඩු නිකේතනය මෙතෙක් වෙන් කර ගැනීමට අවස්ථාව හිමි වූයේ  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණි.



අදහස් (10)

’’නුවරඑළිය මන්ත්‍රී බංගලාව අපිටත් ඕනෑ’’

ගුණරත්න Saturday, 28 June 2025 11:09 AM

අපේ කරුමෙට රාජ්‍ය සේවකයෙක් නොවුනේ! පාර්ලිමේන්තුවේ පියන් කෙනෙක් හරි වෙන්න තිබ්බේ, රුපියල් 100ට තරු 3 හෝටල් කෑමක් කාලා අයිස් ගහලා නුවරඑළියේ ට්‍රිප් යන්නත් තිබ්බා.

:       0       15

යෝගා Saturday, 28 June 2025 11:31 AM

රටේ සාමාන්‍ය ජනතාවට නැති කිසිම වරප්‍රසාදයක් මන්ත්‍රීලට එපා කියලා ඡන්දෙට කලින් මාලිමා ලොක්කෝ කිව්වා නේද? එතකොට ඒකත් පචයක්ද?

:       5       17

Janahitha Saturday, 28 June 2025 11:34 AM

මේවා සංචාරක ව්‍යාපාරයට වෙන් කරන බව නේද ඡන්දයට කළින් කිව්වේ...

:       0       16

fairoos Saturday, 28 June 2025 12:49 PM

ඉස්සර ආණ්ඩුවල් වගේ මේ අයත් සලකන්න ගත්තොත් රට අයත් පරණ පාරෙම තමයි.

:       0       13

Anura Saturday, 28 June 2025 01:31 PM

හරි හරි ඔක්කොම කට්ටිය බෙදාගන්න, නඩත්තු වියදම් ටික විතරක් මහජනතාවට දාන්න...

:       0       39

ලුම්බිණි Saturday, 28 June 2025 02:59 PM

හැන්ද අතේ තියෙන එවුන් බෙදා ගන්නවා.

:       0       16

don Saturday, 28 June 2025 07:28 PM

අයියෝ... ජවිපය. මොනවද කිව්වේ? මොනවද කරන්නේ?

:       0       11

Perakum Saturday, 28 June 2025 10:33 PM

ඇයි අහලා නැද්ද කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි.

:       0       2

Hemantha Sunday, 29 June 2025 03:22 AM

මේවා රටේ සියලුම ජනතාව වෙනුවෙන් විවෘත කරන්න. මුදලක් අය කරන්න සාධාරණ එම මුදල මහා භාණ්ඩාගාරයට බැර කරන්න. එක එකාට තවත් සැප ගන්න දෙන්න එපා...

:       0       3

Christy Saparamadu Sunday, 29 June 2025 11:37 AM

ගාස්තු අනිත් හොටෙල් ගානකට වැඩි කරන්න කවුරුත් ඉල්ලන්නේ නැහැ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 293 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 95 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site