
( සිසිර ලලිත් කුමාර )
මෙවර ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට ලබාදෙන බව නුවරඑළිය දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.
නිමල් පියතිස්ස මහතා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් පොදුජන පෙරමුණ යටතේ පසුගිය මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
මෙවර ජනාධිපතිවරණයේදී සිය ස්ථාවරය ප්‍රකාශ කළ නුවරඑළිය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පිය තිස්ස මහතා මෙලෙසද පැවසීය.
පවතින දේශපාලන තත්ත්වය පිළිබඳව අපි හොඳින් ගැඹුරින් අධ්‍යනය කළා. වර්තමාන රටේ තත්ත්වය පිළිබඳව අපේ අවධානය යොමු වුණා.
මිනිසුන්ගේ බලය මතින් පැමිණි පාලකයන් පිටමන් වී යන අවධියක, මිනිසුන් ගෑස් ටික ඉල්ලද්දී මිනිස්සු තෙල් ටික නැතුව තෙල් පෝළිම ඉන්දැද්දි,මිනිස්සු තමන්ගේ වගාවට පොහොර ටික ඉල්ලද්දී ඒ සියල්ලට විසඳුම් ලබාදීමට නොහැකිව එවක පාලකයින් පලා යද්දීන් මේ රටට නිවැරදි නායකත්වය දෙන්නට සමත් වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා බව අපි කිසි කෙනෙක් අමතක කළ යුතු නැහැ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ ධූරය හැර යද්දී, සිය වගකීම හරියට ඉටු නොකර පලායද්දී, මේ රටේ අගමැතිවරයා විදිහට,මේ රටේ උප ජනාධිපතිවරයා විදිහට, මේ රටේ ජනාධිපතිවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මහතා මේ රට හැම අතින්ම ගොඩගැනීමට කටයුතු කළ ආකාරය ජනතාවාදී නායකයන් විදිහට අපට අමතක කරන්න බැහැ.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2003
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1556
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නුවරඑළිය පොහොට්ටු මන්ත්‍රීගේ සහාය රනිල්ට