IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


නුවරඑළිය ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නැවැත්වීමෙන් කෝටි 10 ක් වතුරේ

(සුජිත් හේවාජුලිගේ )

නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගන සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු අතරමඟ නවතා දැමීම නිසා රුපියල් කෝටි දහයකට වැඩි මුදලක් මුළුමනින්ම අපතේ ගොස් ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි වාර්තාවක සඳහන් වේ.

මෙම ක්‍රීඩා සංකීර්ණය  2019 වර්ෂයේ දී ජනතා අයිතියට පත් කිරීමට  නියමිතව තිබුණද  2020 වර්ෂයේදී එය  මෙලෙස  අතරමග නවතා දමා ඇති බව  එම  කාර්යාලය පවසයි.

ඉහළ උන්නතාංශ ක්‍රීඩාංගන සංකීර්ණය  ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් නුවරඑළියේ  හෙක්ටයාර් 34 ක පමණ ඉඩමක  ඉදිකිරීමට  සැලසුම් කර තිබුණේ  මලල ක්‍රීඩා,  කබඩි,  දැල්පන්දු ,හොකී, පාපැදි,  වොලිබෝල් වැනි  එළිමහන් හා ගෘහස්ථ ක්‍රීඩා පුහුණුවීම් කටයුතුවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ  දරා ගැනීමේ හැකියාව වර්ධනය කිරීමේ අරමුණින් යුතුවය.

මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත් වටිනාකම  යුරෝ  75,528,700කි.එම පිරිවැයෙන් සියයට  හැත්තෑවක් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනය මගින්ද  ඉතිරි සියයට 30  මහජන බැංකුව මඟින්ද සපයා ගැනීම සඳහා ණය ගිවිසුම් අත්සන් කර ණය සැලසුම් ගාස්තු  ලෙස  රුපියල් පන් කෝටි දස ලක්ෂ හතළිස්  හත් දහස්  විසි එකක මුදලක්(51,047,021) එම බැංකුවට ගෙවා තිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.

මීට අමතරව 2019 වර්ෂයේදී  වැටුප් කාර්යාල උපකරණ ඇතුළු අනෙකුත් කටයුතු සඳහා රුපියල් පන් කෝටි තිස් පන් ලක්ෂ පනස් එක් දහස් හය සිය තිස් එකක මුදලක් (53,551,631 )ගෙවා ඇතැයිද විගණන  විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.



අදහස් (0)

නුවරඑළිය ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් නැවැත්වීමෙන් කෝටි 10 ක් වතුරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site