IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


නුවරඑළියේ එළවළු ‌ගොවියෝ අසරණ වෙති

(ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළියේ උඩරට එළවළු වගාවේ නිරත ගොවීහු එළවළු අස්වැන්න අළෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

රට තුළ හා ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථාන වසා දැමීමත්, ඇදිරි නීතිය හමුවේ තොග ගැණුම්කරුවන් නොපැමිණීමත් හේතුවෙන් උඩරට එළවළු අස්වැන්න ගොවීන්ට විකුණා ගැනීමට නොහැකිවීමෙන් ඔවුන් මෙම තත්ත්වය පත්ව තිබේ.

අස්වැන්න නෙලිය යුතු අවධියේ පසුවන එළවළු වගාවන් මේ නිසා විනාශ වී යාමට පටන් ගෙන ඇති බවත්, අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්නා ඇතැම් සීමිත වෙළෙන්දන් පිරිසක් ඉතාමත් අඩු මිළකට එළවළු ලබා ගැනීමට තැත් කිරීමත් හේතුවෙන් තමන් මේ වනවිට කබලෙන් ලිපට වැටුණු තත්ත්වයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.

තම වගාබිම්වල සේවය කරන ලද කම්කරුවන්ටද මේ නිසා වැටුප් පවා ගෙවා ගැනීමට නොහැකිවීම නිසා ඔවුන් ඇතුළු ඔවුන්ගේ පවුලේ පිරිස්ද මේ වනවිට දැඩි ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති බවත් ඔවුහු කියති.

ඇදිරි නීතිය හේතුවෙන් එක දිනකට වෙළෙන්ඳන් විශාල ප්‍රමාණයක් පැමිණෙන බවත්, එම දිනවලට එළවළු මදි වෙන බවත්, තවත් දවසකට ඔවුන්ගේ පැමිණීම අඩුවෙන් සිදුවන බැවින් එදාට එළවළු ඉතිරි වෙන බවත් ඔවුහු කියති.



අදහස් (11)

නුවරඑළියේ එළවළු ‌ගොවියෝ අසරණ වෙති

රජීව් Wednesday, 08 April 2020 03:40 PM

ගෙවතු වගා සංග්‍රාම වගේ අනං මනං විහිළු වැඩ පටන් ගන්නේ නැතිව මේ ගොවීන්ගේ අස්වැන්න බෙදාහරින්න ක්‍රමයක් සැදුවා නං මොකද වෙන්නේ? මොකද මේ ගොවින් මුළු රටටම සැහෙන්න ආහාර නිපදවනවා. කලින් හිටපු එක්කෙනා හොදයි වගේ දැන් නං හිතෙන්නේ.

:       363       554

lankaFriday, 10 April 2020 06:23 AM

ලංකාවේ කෘෂිකර්ම අමාත්‍යාංශය තියෙන්නේ බිල්ඩිමේ කුලිය ගෙවලා ඒක ඇතුලට වෙලා ජනතා මුදල් වලින් කකා ගොවියා සහ කෘෂිකර්මය විනාශ කරන්න කියල තේරෙන්නේ දැන්නේ...

:       0       3

wije Wednesday, 08 April 2020 04:23 PM

එළවලු විකුණගන්න බැරුව එහේ ගොවියෝ අසරණ වෙලා. එයාලාගෙන් තුට්ටු දෙකට අරගෙන අධික මිලට විකුණන අතරමැදියෝ නිසා මෙහේ ඉන්න පරිබෝගිකයෝ අසරණ වෙලා. අපි දන්න කාලයේ ඉදලාම තිබුනේ මේ ක්‍රමයම තමයි. මෙතෙක් මේ රටේ බිහිවුණු කිසිම නායකයෙක් මේ පිලිබදව අවදානයක් යොමු කරලා ඒකට නිසි විසදුමක් දුන්නේ නැහැ. අතිගරු ජනාධිපතිතුමනි ඔබතුමාගේ අවධානය පිණිසයි කවදත් අසරණ මිනිසුන්ගේ ගැලවුම් කරුවෝ වුනු හමුදාව යොදවලා හෝ මේ ප්‍රශ්නයට විසදුමක් ලබාදෙන්න. ඔබතුමාට ගොඩක්ම පිං.

:       168       451

kusalWednesday, 08 April 2020 11:17 PM

'77 ට පෙර "මාර්ක්ෆෙඩ්" නමැති ආයතනයක් මගින් අතරමැදියා ඉවත් කර, ගොවීන්ට තමන්ගේ පලදාව කෙලින්ම පාරිභෝගිකයාට විකිණීමේ ක්‍රියාවලියක් තිබුනා. '77 පසු පත්වුණු හැම රජයක්ම ලංකාවේ ගොවියා නැත්තට නැති කරා.

:       0       101

ranaThursday, 09 April 2020 02:45 AM

එතකොට ඔය මද්‍යස්ථාන පාලනය කරන ඇමති වරුන්ට පව් නේ ? හමුදා නොවේ අපේ දේශපාලුවෝ හැමදේටම හැමතැනම ජරාව කන්නේ නැතිව අයින් උනොත් මේ රටට කලක් යාවි. නැත්නම් අබ සරණ තමා.

:       0       42

athuraThursday, 09 April 2020 05:23 AM

විජේ වගේ අයට තවම තේරිලා නැහැ මොන ලොක්ක දේශපාලනේට බැස්සත් අන්තිමට එයා නතර වෙන්නේ දේශ පාලුවෙකු වී වගයි...

:       0       28

ඔලිවර් තලගුනේ Wednesday, 08 April 2020 06:32 PM

ආණ්ඩුවට ආණ්ඩු කරගන්න දන්නේ නැහැ අප්පා. ජනක බණ්ඩාර දඹුල්ල වැහුවේ මොන කෙන් ගෙඩියකටද?

:       1       20

මනොලතා Wednesday, 08 April 2020 06:33 PM

මේ කොළඹ අපි එළවලු නැතුව හුල්ලනවා...

:       25       85

Champa Thursday, 09 April 2020 10:36 AM

ජනාධිපති කාර්ය සාධක බලකා තුනක්ම තියෙනව. මේ වගේ පොඩි දෙයක් විසඳලා මේ ගොවීන්ට සහනයක් දෙන්න බැරිද?

:       0       59

lalithm Thursday, 09 April 2020 11:11 AM

ගෙවතු වගාව හොඳයි. එහෙත් ඒ වගේම පුර්ණ කාලින ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය සහ බෙදාහැරීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි. විකුණගන්න බැරිව ඔවුන් ලතවෙනකොට ඊයේ ගම්පහ ප්‍රදේශයේ සැම එලවලුවක්ම කිලෝව රු.200-250 ගන්නේ වික්කේ. තක්කාලි කිලෝව 250/= අතරමැදියාට හිරවී පාරිභෝගිකයත්, ගොවියාත් නැතිවෙනවා. කට්ටියක් සැම දේම වහන්න කියල බලකරනවා. වස දැමීම උත්තරය නොවෙයි. ගොවිබිම්වලින් අස්වැන්න එකතුකර බෙදාහැරීමේ ක්‍රමවේදය සකසන්න.

:       0       57

kasun Thursday, 09 April 2020 03:21 PM

අනේ කරුණාකරලා යුද හමුදාව මැදිහත් වෙලා මේ අස්වනු මිලදී අරන් කොළඹ ගම්පහ වගේ ප්‍රදේශයට සිවිල් ආරක්ෂක බලකාය හරහා අලෙවි කරන්න. මෙහෙ හුඟක් නැති බැරි අය එලවලු නැතිව දුක් විඳිනවා.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 107 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 676 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site