
(ගයාන් සූරිය ආරච්චි)
මුදල් ආරවුලක් මත නවමස් ගැබිනි බිරියගේ ගෙල රෙදි සිරකර ඝාතනය කළ බව කියන සැමියා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙනියාය , එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු හා මියගිය කාන්තාව විවාහ නොවී දෙනියාය, එනසල් වත්ත ප්‍රදේශයේ නිවසක ජීවත් වී ඇති බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මොවුන් දෙදෙනාම කම්කරු රැකියාවේ නිරත වන බව පොලිසිය කියයි.
සිද්ධිය වූ දින මුදල් ආරවුලක් මත දෙදෙනා අතර බහින්බස්වීමක් ඇති වී තිබූ අතර එහිදී සැකකරු විසින් නව මස් ගැබිණි බිරියගේ ගෙල සිරකර ඝාතනය කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.
මෙසේ ඝාතනය කර ඇත්තේ දෙනියාය, එනසල් වත්ත ප්‍රදේශයේ පදිංචි ආර්. ඉෂාන්ති නැමති 24 හැවිරිදි කාන්තාවකි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවමස් ගැබිනිය ඝාතනය කළැයි සැමියා අත්අඩංගුවට