(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මසට සාපේක්ෂව නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් අඩු වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 66 ක් වූ උද්ධමනය නොවැම්බර් මස සියයට 61 දක්වා පහත වැටී ඇත. නොවැම්බර් මස සියයට 61 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 24.8 ක දායකත්වයක් ලබා දී ඇති අතර ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 36.2 ක දායකත්වයක් ලබා දී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 85.6 ක් වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය නොවැම්බර් මස සියයට 73.7 ක් දක්වා පහත වැටී තිබේ.එය ඔක්තෝබර් මසට සාපේක්ෂව සියයට 11.9 ක සැලකිය යුතු පහළ යාමකි. එසේම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද සියයට 1.8 කින් පහත වැටී ඇත.
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඔක්තෝබර් මස සියයට 56.3 ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය නොමවැම්බර් මස සියයට 54.5 ක් දක්වා පහත වැටී තිබේ. ශ්‍රී ලංකාව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පසුගිය ද ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ උද්ධමනය එළඹෙන වසරේ තවත් පහත යනු ඇතැයි බලපොරොත්තු වන බවයි.
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
837
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
නොවැම්බර් මස උද්ධමනය සියයට 5 කින් පහළට
සුරංග Thursday, 01 December 2022 11:59 AM
ජනවාරියේ විදුලි බිල් වැඩිවුනාම අඩුවුනු පහත් තවත් පනහකුත් ලෙසට පනස් පහකින් ඉහලට යාවි ජූනි සිට 75 කින් උද්දමනය වැඩිවේවි