IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


නිවුන් සොහොයුරෝ ලෝක වාර්තාවකට සැරසෙති

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

යාපනය කොටුවේ සිට ගාල්ල කොටුව දක්වා දින තුනක් වැනි කෙටි කාලයකින්  නොනැවතී එක දිගට පාගමනින් ගොස් ලෝක වාර්තාවක් පිහිටු වීමට බගවන්තලාවේ නිවුන් සොහොයුරන් දෙදෙනෙක් සූදානම් වෙති.

ආර්. ඒ විග්නේශ්වරන් සහ ආර්.ඒ දයාබරන් යන නිවුන් සොහොයුරන් දෙදෙනා අද අලුයම 4.00 යාපනය කොටුව ඉදිරිපිටින් ගමන් ආරම්භ කරනු ලැබූහ.

මෙම නිවුන් සොහොයුරන් බගවන්තලාව, කොටියාගල ප්‍රදේශයේ පදිංචි අය වෙති. දින තුනක් අඛණ්ඩව ගමන් කිරීමෙන් මෙම වාර්තාව පිහිටුවීමට මෙම සොහොයුරෝ සරසෙති.

යාපනය, කොටුවේ සිට ගාල්ල, කොටුව දක්වා  නොනැවතී පා ගමනින් ගමන් කර ලෝක වාර්තාවක් පිහිටුවීම තම අරමුණ බව නිවුන් සොහොයුරෝ පැවසූහ.

යාපනය ඒ-9 මාර්ගය ඔස්සේ අනුරාධපුරය දක්වා පැමිණ අනුරාධපුරයේ සිට පුත්තලම දක්වා ද පුත්තලමේ සිට මීගමුව දක්වා පැමිණ මීගමුවේ සිට කොළඹ දක්වා ද ඊට පසුව ගාල්ල දක්වා ද ගමන් කිරීමට නියමිතව ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතාගේ ඉල්ලීමකට අනුව මේ සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව පූර්ණ අනුග්‍රහය දක්වා තිබේ.

 



අදහස් (4)

නිවුන් සොහොයුරෝ ලෝක වාර්තාවකට සැරසෙති

චමින්ද Wednesday, 14 June 2023 01:47 PM

මේ ගමනට යන සොයුරන් දෙදෙනාට ජයවේවා.. ඒත් මේ ගමනේ දුර කිලෝමීටර් 400ක් පමණ වෙනවා. ඉතින් දිනකට කිලෝමීටර් 135ක් වත් යන්න ඕනෑ මිනිසෙකුට පැයට කිලෝමීටර් පහක් යන්න පුළුවන් නම් පැය අසූවක් අවශ්‍ය වෙනවා... දිනකට පැය 24ක් ඇතත් විවේකය හා අනෙක් අවශ්‍යතා සඳහා පැය හතරක් විවේක ගත්තොත් දවසට දින තුනට පැය හැටයි.. එතරම් වේගවත් දෙදෙනෙක් සිටිනවා කියලා අහන්න ලැබීමත් සතුටක් තමයි..

:       0       27

ජයන්ත මිලානො Wednesday, 14 June 2023 06:25 PM

ලෝකවාර්තාවක් තියා රටට කීර්තියක් අත්කරදීමට ඔබට ශක්තිය ලැබේවා...! ජය නියතයි ...!

:       0       5

priyanga Wednesday, 14 June 2023 11:37 PM

ඒක පුදුම වැඩක් .අපි ඔබට සුභ පතනවා .අපි ඔබේ අවසාන ගමනාන්තය එනතුරු බලා සිටිමු .

:       0       0

Bunny Preena Thursday, 15 June 2023 10:28 AM

ජයග්‍රහනය කරා යෑමට මගෙ සුභ පැතුම්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site