IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිවුන් දරු උපත දින 3 කදී

ඇමෙරිකානු ජාතික කාන්තාවක් දින තුනක පරතරයක් ඇතිව රූපයෙන් එක සමාන නිවුන් දැරිවියන් දෙදෙනෙකු ප්‍රසූත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

දැන් දරුවන් තිදෙනෙකුගේ මවක් වන කාර්මන් මාර්ටිනස් තම නිවුන් දරුවන්, ගේබි්‍රයෙල්ලා ග්‍රේස් හර්නැන්ඩස් මාර්තු 7 වෙනි දිනත් ඉසෙබෙලා රෝස්   හර්නැන්ඩස් මාර්තු 10 දිනත් ටෙක්සාස් ප්‍රාන්තයේ ඇබිලීන් හි හෙන්ඩ්‍රික් සෞඛ්‍ය පහසුකම් මධ්‍යස්ථානයේදී ප්‍රසූත කර ඇත.

නිවුන් දරුවන් දින 3 ක පරතරයක් සහිතව ප්‍රසූත කිරීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් බව වෛද්‍යවරු පවසති.
මෙම නිවුන් දරුවන් දෙදෙනා අඩු මාසයෙන් උපත ලබා ඇති අතර ගේබි්‍රයෙල්ලා සති 24 දවස් හතරකින් ද ඉසෙබෙලා සති 25 කින් ද උපත ලබා ඇත.දරු ප්‍රසූතියට සතියකට පෙර, මාර්ටිනස් මහත්මිය ඉක්මන් ප්‍රසූතියේ සලකුණු පෙන්වීමට පටන් ගත් බව රෝහල් ආරංචි මාර්ග පැවසුවේය.

එහිදී දෙවැනි දරු ප්‍රසූතිය දින කිහිපයකින් ප්‍රමාද කරන ලෙස වෛද්‍යවරුන් උපදෙස් දී ඇත. අඩු මාසයෙන් සිදු වූ දරු උපත් බැවින් දරු දෙදෙනාට ජීවත් වීමට වැඩි අවස්ථාවක් ලබා දීමට මෙසේ උපදෙස් ලබාදුන් බව වෛද්‍යවරු පවසති.

නිවුන් දරුවන් දෙදෙනාට වෙන වෙනම වැදෑමහ සහ ඇම්නියොටික් මල්ලක් තිබී ඇති අතර ගේබි්‍රයෙල්ලා ගේ වැදෑමහ පුපුරා යාම හේතුවෙන් නිවුන් දරු ප්‍රසූතිය අඩු මාසයෙන් සිදුව ඇත.වෙන වෙනම වැදෑමහ සහ ඇම්නියොටික් මල්ලක් තිබීම හේතුවෙන් ඉසෙබෙලා දවස් තුනකට පසු ප්‍රසූත කිරීමට කාර්මන් මාර්ටිනස්ට  හැකියාව ලැබුන බව පැවැසෙයි.

“මෙවැනි සිදුවීමක් මගෙ රාජකාරී ජීවිතය තුල සිදු වුනාමයි” යැයි කාර්මන් මාර්ටිනස් ගේ  වෛද්‍යවරයා වූ දොස්තර ජේම්ස් ටැඩ්වික් ප්‍රකාශ කළේය. 

(එන්.ඩී.ටී)

 



අදහස් (0)

නිවුන් දරු උපත දින 3 කදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 534 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1689 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site