IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය කොළඹ දී පැවැත්විණි. 

2018 වසරේ සිට අත්හිටුවා මෙම  සාකච්ඡා නැවත ආරම්භ කිරීමට ඉකුත්  ජූලි 29 වැනි දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී දෙරටේම රාජ්‍ය නායකයෝ එකඟ වූහ.

ඒ අනුව ඉන්දියාවේ වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රධාන සාකච්ඡාකරු සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම ලේකම් ශ්‍රී අනන්ත් ස්වරූප් මහතා ප්‍රමුඛ ඉන්දීය නිලධාරී 19 දෙනකුගෙන් සමන්විත දූත පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ මෙම විස්තීර්ණ ගිවිසුම පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළහ. 

භාණ්ඩ, සේවා, මූලාරම්භයේ රීති, වෙළඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියා පටිපාටි සහ වෙළඳ පහසුකම් සැපයීම, වෙළඳාමට ඇති තාක්ෂණික බාධා, සනීපාරක්ෂක හා ශාක සනීපාරක්‍ෂක පියවර, නීතිමය සහ ආයතනික කටයුතු යන අංශ සම්බන්ධයෙන් මෙම සාකච්ඡා පැවැත්විණි.  එසේම, ඉන්දු - ශ්‍රී ලංකා නිදහස් වෙළෙද ගිවිසුම (ISFTA) ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ ගැටළු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සැසියක් ද පැවැත්විණි.

 



අදහස් (0)

නැවතී තිබූ ඉන්දු ලංකා ආර්ථික සාකච්ඡා අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site