IMG-LOGO

නවතම LMD ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුව ඉහළටම

කොමර්ෂල් බැංකුව නැවත වරක් 'LMD 100' හි ඉහළම ශ්‍රේණිගත බැංකුව බවට පත් වී ඇති අතර අඛණ්ඩව 28 වැනි වරටත් මෙම කීර්තිමත් ලැයිස්තුවේ හොඳම ආයතනික දැවැන්තයන් 10 අතරට පැමිණීමට සමත්ව සිටී.

එසේම, මෙම ශ්‍රේණිගත කිරීම මුල්වරට ප්‍රකාශයට පත් කරන ලද 1993-94 වසරේ සිටම කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ ඉහළම සමාගම් 10 අතර සිටීම විශේෂත්වයක් බව එම බැංකුව සඳහන් කරයි.

කොමර්ෂල් බැංකුව, රටේ ශක්තිමත්ම ව්‍යාපාරික ආයතනයක් ලෙස, 2020-21 සඳහා LMD 100 හි සියලු ආයතන අතරින් වත්කම් අනුව සමස්තයක් ලෙස ප්‍රථම ස්ථානය ද, ලාභය අනුව දෙවැනි ස්ථානය ද, කොටස් හිමියන්ගේ අරමුදල් අනුව දෙවැනි ස්ථානය සහ ආදායම අනුව හතරවැනි ස්ථානය අත්කර ගනිමින් බැංකුවේ ශක්තිය යළි තහවුරු කර ඇත.

කොමර්ෂල් බැංකුවල LMD ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරී එස්. රෙන්ගනාදන් මහතා මෙසේ පැවසීය. “මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ අඛණ්ඩතාව ඉතා ඉහළින් අගය කෙරෙනවා. විශේෂයෙන්ම නවතම LMD ශ්‍රේණිගත කිරීම සඳහා පාදක වූ වර්ෂය වන 2020-21 කාලය තුළ මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වය තුළ කාර්ය සාධනය පවත්වාගෙන යාම ප්‍රශංසනීයයි. මෙම ලැයිස්තුවේ ඉහළම ශ්‍රේණිගත බැංකුව ලෙස අපගේ ස්ථානය රඳවා ගැනීම කොමර්ෂල් බැංකුවේ සහ එහි කණ්ඩායමේ නිසඟ ශක්තිය අවධාරණය කරනවා.”



අදහස් (0)

නවතම LMD ශ්‍රේණිගත කිරීමෙහි කොමර්ෂල් බැංකුව ඉහළටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 22 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1558 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1686 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site