IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නැවතුම්පොළ කඩාගෙන බසය ධාවනය වී පහක් රෝහලේ

(සනත් ගමගේ, බුද්ධික කුමාරසිරි සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)

කොට්ටාව,  මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පලේදී  පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී අද(12) උදෑසන සිදු වූ අනතුරකින්  පස් දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

පාදුක්ක සිට පිටකොටුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සාමාන්‍ය බස් රියක් බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිතවී  රියදුරුට බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව  බස් රථය ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක  හැපී නතර වී ඇත.

පාදුක්ක පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකුතුවාල ලබා 1990 ගිලන් රථයෙන් රෝහල ගත කිරීමට එම අවස්ථාවේ එහි සිටි පිරිස කටයුතු කළේය.

බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී  ඇති අතර , බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.



අදහස් (3)

නැවතුම්පොළ කඩාගෙන බසය ධාවනය වී පහක් රෝහලේ

Lalla Wednesday, 12 June 2024 11:37 AM

තිරිංග ක්‍රියා විරහිත වීම කියලා තීරණය කර ඉවරද? එහෙම නම් රියැදුරුට වරද පටවන්න පුළුවන්ද?

:       2       49

LaylandWednesday, 12 June 2024 12:14 PM

ඔබ බස් රියැදුරෙක්ද? කරුණාකර විකාර කතාකරන්න එපා.

:       0       6

ජයනාත් Wednesday, 12 June 2024 12:04 PM

මම නම් එවැන්නක් බලාපොරොත්තු වුනේ මීට කලින් ... ඔය කියන සාමාන්‍ය සේවා බස් රථ රියදුරන් කොන්දොස්තර ඔක්කොම එකයි.. කිසිම විනයක්, නීතියක් නැහැ.. අනිවාර්යයෙන්ම ඕකුන් වැඩි පිරිසක් කුඩු ගහලා ඉන්නේ..

:       0       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 517 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site