IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


‘නවෝත්පාදන සහ නව නිපැයුම් - 2019’ ජනපති අතින් විවෘත වෙයි

හර්ෂණ තුෂාර සිල්වා
 
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට වසර 60ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කර තිබෙන ‘නවෝත්පාදන සහ නව නිපැයුම් - ඉනවේට් 2019’ ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (2) විවෘත කෙරුණි.
 
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නවෝත්පාදන, නව නිපැයුම් සහ ව්‍යාපාර නිර්මාණ කවුන්සිලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබෙන මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ, සිරිමාවේ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී අද (2) සහ (3) යන දෙදින මුළුල්ලේ පැවැත්වේ.
 
එම විශ්ව විද්‍යාලයේ සිසුන්, ආදී විද්‍යාර්ථීන්ගේ නව නිපැයුම් 200කට ආසන්න පිරිසක් මෙම ප්‍රදර්ශනයට ඇතුළත් අතර විවිධ කුටි 209කින් සමන්විතය. 
 
ශ්‍රී ලංකාව දැනට මුහුණ දී තිබෙන විවිධ අර්බුද සහ ගැටලු යනාදියට විසඳුම් සොයමින් එම නව නිපැයුම් නිර්මාණය කර තිබෙන අතර නවෝත්පාදනය, ව්‍යවසාය, නව රැකියා නිර්මාණය, නව ව්‍යාපාර අවස්ථා, සයිබර් තාක්ෂණය, රොබෝ තාක්ෂණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත.
 
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කුටි කිහිපයක් ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් ය. 
 
ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (3)

‘නවෝත්පාදන සහ නව නිපැයුම් - 2019’ ජනපති අතින් විවෘත වෙයි

sirimal Tuesday, 02 April 2019 12:17 PM

දැන් නම් ඕව කර කර ඉඳල හරියන එකක් නැහැ. අන්න අරෙහෙ පුරවැසි භාවය අවලංගු කරගෙන එක්කෙනෙක් ඇමෙරිකාවේ ඉඳල හෙට ආපහු එනවලු.

:       0       117

vipula Wednesday, 03 April 2019 04:37 AM

අපේ රටට පිටරටින් ආනයනය කරන දේවල් හදුනාගෙන ඒවායෙන් අපේ රට තුල නිපදවිය හැකි දේවල් වසරෙන් වසර වැඩි කර ගැනීමට පියවර ගන්න. අද වෙනකොට ප්ලාස්ටික් වෙසක් කුඩුව පවා ආනයනය කරනවා.

:       0       2

බද්රානි Wednesday, 03 April 2019 07:15 AM

පඹයින්, රුකඩයින්, දෙපත් නයි නිර්මාණය පිළිබද, උපදෙස් ගත හැකි නායකයින් සිටීම ගැන පුංචි ආඩම්බරයක් අපට තියනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 285 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 89 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 782 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site