
(පියදාස සමරවීර)
පාසල් නිවාඩු කාලයෙත් නිවාඩුවක් නොගෙන සිසු දරුවන්ට නොමිලේ අකුරු කරන පාසලක ගුරුභවතුන් පිරිසක් සම්බන්ධ තොරතුරු පදවියෙන් වාර්තාවේ.
පදවිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පදවිය සී යාය විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්‌ඩලය මෙම උතුම් සද් ක්‍රියාවට දායක වී තිබේ.
10 , 11 ශ්‍රේණිවල සිසු දරුවන්ට සතියේ දින පහේම හා අනෙකුත් පන්තිවලට සතියට දින තුනක් පන්ති පවත්වා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නගා සිටුවීමට මෙම පාසලේ විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්‌ඩලය කටයුතු කිරීම මවුපිය ගෞරවාදරයට පාත්‍ර වී තිබේ.
මේ සම්බන්ධව පාසලේ විදුහල්පතිනිය ඩබ්ලිව්. ජී. නිශාන්ති චන්ද්‍රිකා වත්තේගෙදර මහත්මිය මෙසේ සදහන් කළාය.
පදවිය "සී" යාය විදුහලේ අධ්‍යාපනය ලබන්නේ ගොඩාක්ම ආර්ථික අපහසුතා තිබුණද අධ්‍යාපනයට දැඩි උනන්දුවක් ඇති දරුවන් පිරිසක් ඉන්නවා. පාසල් නිවාඩු කාලය වුවද ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති මුදලට පවත්වනවා. සමහර දරුවන්ට ඒවාට සහභාගි වෙන්න වත්කමක් නෑ. දරුවන් අසරණ වෙනවා.
ඒ නිසාම තමයි මමත් ගුරු මණ්ඩලයත් සාකච්ඡා කරලා මවුපිය අවසරය ද ලබාගෙන පාසලේ නොමිලේ පන්ති පවත්වාගෙන යන්නේ. දෙසැම්බර් 22 රජයේ නිවාඩු ලැබුණේ. දෙසැම්බර් 23 සිට 26 දක්වා නිවාඩු දින නිසා අපි දෙසැම්බර් 27 වැනිදා සිට පාසලේ පන්ති පවත්වාගෙන එනවා.



2025 දෙසැම්බර් මස 18
146
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාඩුවේ නිවාඩු නොගත් පාසලක්
Chinthaka Herath Monday, 29 January 2024 03:52 PM
ස්වෙච්චාවෙන් මෙවැනි කැප කිරීම් කරන විදුහල්පති තුමා අතුලු ගුරු මඩුල්ලට මේ වල පල්ලට යන රටේ සියලු දෙනගේම ගෞරවය හිමි විය යුතුයි.
ප්‍රියානි ගුණරත්න Tuesday, 30 January 2024 05:31 AM
මෙවැනි ගුරුවරු අගේ කළ යුතුයි. ඕට් අත්සන් කරල තමන්ගෙ පුද්ගලික වැඩ කරන ඇතැම් රජයේ සේවකයන්ට හොද ආදර්ශයක් දීල තියෙනව. දරුවන්ගේ ඇස් පෑදීම විශාල පිනක්.
chitra Tuesday, 30 January 2024 05:35 AM
ඉතා හොඳ අදහසක්, ස්තූතියි !! සියලුම ගුරුවරු..
Sharm Tuesday, 30 January 2024 06:38 AM
ඔබ සැම සැබෑ ගුරු දෙවිවරු ... හිස නමා ආචාර කරනවා...
Kazi Shajahan Tuesday, 30 January 2024 07:38 AM
ඉදිරියට එන ආණ්ඩුවට ඔබ වනි පරිත්‍යාගශීලී මිනිසුන් අපිට ඕන
nimal Tuesday, 30 January 2024 07:40 AM
හරි විදිහට නම් නිවාඩු කාලේ ටියුෂන්,පාසල් සියල්ල තහනම් කරන්න ඕන
Lasmantha Tuesday, 30 January 2024 09:42 AM
විශිෂ්ටයි !!!
upul Tuesday, 30 January 2024 12:48 PM
මේක අගය කරන්න ඕන තමයි. ඒත් දවසෙම ඉස්කෝලෙ නොතියා 1.30 ට අරින්නෙත්, මාස තුනක් ඉගැන්නුවට පස්සෙ මාසයක් නිවාඩු දෙන්නෙත් දරුවන්ට නිවාඩුව කියන මානසික සහනය අවශ්‍ය නිසයි. කවුරුත් එකඟ වෙලා කරපු නිසා වැරැද්දක් කියන්නත් බෑ. හැබැයි මේක හොඳ දෙයක් නෙවෙයි.