IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නවජය ගඟේ බැම්මට කොහොඹ ගහක් කඩා වැටෙයි

කුෂාන් ජයවර්ධන )

කලාවැව සිට අනුරාධපුරය දක්වා ජලය ගෙනයන නව ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටිම නිසා ඉපලෝගම අළුත් අක්කරය ප්‍රදේශයේදී කලාවැව නව ජයගගේ බැම්මට බරපතළ හානි සිදුව තිබේ.

ඉකුත්දා ඇද හැළුනු වර්ෂාවත් සමග ජය ගගේ බැම්මේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරි වැටීමෙන් එම බැම්ම කැඩී ගොස් මෙලෙස හානි සිදුවූ බව ප්‍රෙද්ශවාසීහු පවසති.

ප්‍රෙද්ශයේ ගම්මාන රැසක් සදහා ජනතාව ගමන් කරනු ලබන මාර්ගය වී ඇත්තේ ද එම ජය ගග බැම්මයි..

මීට දින තුනකට පමන පෙර පැවැති වැසි සහිත අවස්ථාවක එම ස්ථානයේ තිබූ විශාල කොහොඹ ගසක් ඉදිරී වැටුණු බව ගැමියෝ කියති.

බැම්මේ කොටසක් ගසත් සමග ගැලවී ගොස් ඇති අතර එම ස්ථානය මේ වනවිට තවදුරටත් සෝදා පාලුවට ද ලක්වෙමින් තිබේ. මේ වනවිට වගාවන් සදහා අවශ්‍ය  ජලය ද ජය ගග ඔස්සේ නිකුත් කර තිබේ.

මේ දිනවල ජයගගේ තත්පරයට ඝන අඩි 1100කට වැඩි  ජල මට්ටමක් ද නිරන්තරයෙන් ගමන් කරමින් තිබෙන අතර එමගින් අදාල ස්ථානයේ සෝදා පාලුවට ලක්වීම තව තවත් වැඩි වෙමින් පවති.

එම ස්ථානයද මෙතෙක් අලුත් වැඩියා කිරීමට බලධාරීන් පියවර ගෙන නැති බවද එම ගැමියෝ කියති.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කලමනාකාරවරයා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීමට අවස්ථා දෙකකදී උත්සහ කළ දඑම අවස්ථාවේ කාර්යාලීය දුරකතනයට පිළිතුරුන් ප්‍රකාශිකාවක සදහන් කලේ නේවාසික ව්‍යාපාර කළමානාකාරවරයා ඒම අවස්ථාවේ රැස්වීමකට සහභාගී වී සිටින බවයි.

පසුව අප ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් අයෝමි රත්නායක මහත්මිය දුරකතනයෙන් සම්බන්ධ කර ගත් අතර එහිදී අප කළ විමසීමකදී ප්‍රාදේශීය ලේකම්වරිය කියා සිටියේ අදාළ අංශ කඩිනමින් දැනුම්වත් කර ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවයි.   

      

 

 



අදහස් (1)

නවජය ගඟේ බැම්මට කොහොඹ ගහක් කඩා වැටෙයි

චින්තක Thursday, 26 October 2023 01:37 PM

අධිකාරියේ උන්දැලා බලන්නෙ පොරවෙනුත් නොකපා චේන්ෂෝ එකකින් කපන්න තමයි කරන්න තියෙන්නෙ නොපමාව වතුර නවතා ගස වෙන්දේසියේ විකුණා ලැබෙන මුදල් සමග අඩුපාඩුවක් ඇත්නම් අධිකාරිය ගෙවලා අවශ්‍ය කටයුතු කිරීම තමයි ඕක අධිකාරියට නැතුව දිසාපති හෝ උපදිසාපතිට (ප්‍රාදේශීය ලේකම් ) තිබුනා නම් ප්‍රශ්නය මේ වනවිටත් විසදී අවසන් වෙනවා කොහේද දිසාපතිතුමන්ලා සමග විරසකව හිටපු දේශපාලුවො එම තනතුර අහෝසි කිරීමේ විපාක තමයි මේවා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site