IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නවගමුව දේවාලයේ පිංකැටවලට අමතරව තවත් පිංකැට තියලා

(කේ බුද්ධික කුමාරසිරි)

නවගමුවේ පත්තිනි මහ දේවාලයේ පරිවාර දේවාලවල මුද්‍රා තැබු පිංකැටවලට අමතරව රහසිගතව තවත් පිංකැට තබා මුදල් රැස්කරන ජාවාරමක් ඇති බැවින් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන ලෙස නවගමුව සුරැකීමේ සංවිධානය විගණකාධිපතිවරයාට හා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා යවා ඇත.

  එසේම දේවාලවලට පුජාකරන රත්තරන් භාණ්ඩ ආදිය ගැනද තවමත් නිසි විගණනයක් නොමැති නිසාවෙන් දිගින් දිගටම වංචා සිදුවන බවද එම ලිපිය මගින් අවධාරණය කර ඇත.

  නවගමුව සුරැකීමේ සංවිධානයේ ලේකම් ජයන්ත ජයලාල් සහ සභාපති චන්ද්‍රසේන පලිහේන මහත්වරුන් ගේ අත්සනින් විගණකාධිපතිවරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වෙත යැවූ ලිපිය මෙසේය.

නවගමුව පත්තිනි දේවාලය ඇතුළු මෙම පුදබිමේ ඇති  සියළු දේවාලවලින් මාසික ලැබෙන කෝටි ගණනක ආදායම අවභාවිතාවන බව  අප  විසින් මීට පෙර ඔබතුමාටත් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්තුමාටත් පැමිණිලි කළෙමු.

  ඒ අනුව  ඔබ කාර්යාලයේ උපදෙස් මත බෞද්ධ කටයුතු කොමසාරිස් කාර්යාලය මගින් නවගමුවේ සියළු පිංකැටවලට මුද්‍රා තබන ලදි.
  නමුත් මේ වනවිට එම මුද්‍රාතැබු පිංකැටවලට අමතරව පත්තිනි මහ දේවාලය හැර අනෙක් සියළුම දේවාලවල අමතර පිංකැටයක් තබා රහසේම මුදල් එකතුකරගන්නා බව අපට නිරික්ෂණයවි ඇත..

  එම නිසා අප ඉදිරිපත්කරන මෙම පැමිණිල්ල පිළිබඳව වි⁣⁣ශේෂ අවධානය යොමුකර නා කැලේ පත්තිනි දේවාලය, විෂ්ණු දේවාලය,කතරගම දේවාලය,ගම්භාර දේවාලය ඇතුළු සියලුම දේවාලවල මුද්‍රාතැබු පිංකැටවලට අමතරව තවත් පිංකැට තබා මුදල් රැස්කිරිමේ ජාවාරම වලක්වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

  එසේම දේවාලවලට ලැබෙන රත්තරන් භාණ්ඩ ආදිය කිසිදු ලේඛනගත කිරිමක් නොකර තවමත් අවභාවිතා වන බවද ⁣ඔබතුමන් වෙත මෙමගින් දැනුම්දි සිටිමු.

මේ සම්බන්ධයෙන් අප නවගමුව පත්තිනි මහා දේවාලයේ භාරකාර සහ නවගමුව ශ්‍රි සුගතබිම්බාරාම රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක මල්වානේ පඤ්ඤාසාර නාහිමියන් සිදු කල විමසීමේදී මෙසේ වදාලහ. නවගමුව සුරැකීමේ සංවිධානය කියන්නේ පන්සලත් එක්ක තරහ කණ්ඩායමක් හදා ගත්තු සංවිධානයක්. එහි සභාපති ධූරය දරන්නෙත් අපේ දායක සභාවේ උප සභාපතිවරයාම තමයි. රහසිගත කැට තියෙනවා කියල කියනව නම් ඇවිත් බලන්න. මම කිව්වට පිලි ගන්න එපා. ඇවිත් බලලම වාර්තා කරන්න  



අදහස් (4)

නවගමුව දේවාලයේ පිංකැටවලට අමතරව තවත් පිංකැට තියලා

Achini Thursday, 09 November 2023 06:56 PM

දෙවියන්ට මොනවටද සල්ලි...?

:       0       16

Lalla Thursday, 09 November 2023 07:41 PM

පිංකැට නොවේ දේවාලයත් ඕන නෑ. අසීමිත මිත්‍යාව නිසා විනාශ වූ ජාතියකට හොඳම නිදසුන ලාංකික ජනතාව... කපුකම, වෘත්තීය වංචාකාරයින්ගේ රැකියාවක් පමණි..

:       0       18

AKS aththanagoda Thursday, 09 November 2023 09:39 PM

දෙවියන්ට සියල්ල කල හැක. නමුත් පින්කැටය ආරක්ෂා කළ නොහැක...

:       0       0

Dolawaththa Thursday, 09 November 2023 10:07 PM

කපුවන්ට, සල්ලිවලට වඩා වටින්නේ ගැහැණු...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site