IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නවගත්තේගම නිධන් හෑරූ 12 ක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)


නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ ඉපැරණි ස්ථානයක නිධන් ගැනිමේ අරමුණින් කැනීම් සිදුකරමින් සිටි 12 දෙනෙකු ඔවුන් පැමිණි වාහනද සමඟ අද  ( 15 ) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.


 නවගත්තේගම පොලිසියට ( 15 ) උදෑසන ලැබුණ තොරතුරක් මත රැකවල්ලා සිටියදි මෙම නිධන් කැණීමට පැමිණි සැකකරුවන් අත් අඩංගුවට ගැනිමට හැකිවු බවත් මොවුන් සමග සිටි තවත් දෙදෙනෙකු වැටලිමේදි පලා ගොස් තිබු බවද කියයි.


නිදන් ගැනිමේ අරමුණින් කැනිම් කළ ස්ථානය ඉපැරණි ස්ථානයක් බවත් එහි අඩි 10 ක් පමන ගැඹුරට සැකකරුවන් කැණිම් සිදුකරමින් සිට ඇති බවද පොලිසිය පවසයි .


අත් අඩංගුවට ගත් සැකරුවන් කොළඹ , කඩුවෙල, ගල්ගමුව , කුරුණැගල , පල්ලම , රඹුක්කන , තඹුත්තේගම යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවත් මොවුන් කුඩා වෑන් රථයකින් සහ කැබ් රථයකින් නවගත්තේගමට පැමිණ ඇති බවද විමර්ශන වලදි හෙළිව තිබේ


මෙසේ පැමිණි  සැකකරුවන් නවගත්තේගම තම්මැන්නාවැටිය ප්‍රදේශයේ නිවසක වාහන නවතා ඇති බවද කියයි.


අදාළ නිදන් කැණිම් කළ ස්ථානය නවගත්තේගම කරුවලගස්වැව මාර්ගයට මිටර් කිපයක දුරින් කැලෑ බද ස්ථානයක මෙම නිදන් හැරිම සිදුකර ඇති බව පොලිසිය පවසයි.


 නිදන් හාරමින් සිටි සැකකරුවන් ප්‍රදේශවාසින් සැක නොසිතන ලෙසට මෙම කටයුත්තට පොලිසිය හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවේ  සහාය ලැබෙන  බවට ජනතාව රවටමින් කැණිම් වල නිරත වි තිබේ.



අදහස් (0)

නවගත්තේගම නිධන් හෑරූ 12 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 272 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site