නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සැමරුම ත්‍රිකුණාමල විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේදී පැවැත්විණි.
රණවිරුවන්ට සෙත්පතා සර්වරාත්‍රික ධර්ම දේශනයක් හා මහා සංඝරත්නය 25 නමක් විෂයෙහි දානමය පිංකමක් සහ සපිරිකර පුජාවක් ද පැවැත්විණි.
අනතුරුව මව්බිම වෙනුවෙන් දිවි පිදු විශේෂ බලඝණ රණවිරුවන් සිහි කිරීම සහ ඔවුන්ගේ පවුල්හි සමාජිකයින් ඇගයීම වෙනුවෙන් විශේෂ උත්සවයක්ද පැවැත්වු අතර ඔවුන් අගයා සමරු තිලිණ ප්‍රදානයක්ද සිදු කෙරිණි.
විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රියර් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස සහභාගී විය.
තවද, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ සම නිර්මාතෘ වන දිවංගත කොමාණ්ඩර් සෙඩ්රික් මාර්ටෙන්ස්ටයින් මහතාගේ බිරිඳ වන ඩෘකි මාර්ටෙන්ස්ටයින් මහත්මිය හට සහ සිය මාතෘ භූමිය වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් ඉටු කරමින් රණවිරුවෙකු හට ලබා ගත හැකි උසස්ම පදක්කම වන වීර විභූෂණය පදක්කමෙන් පිදුම් ලැබු මානුෂිය මෙහෙයුමේදි සිය ජිවිතය කැප කළ ප්‍රධාන සුළු නිලධාරි කේජි ශාන්ත නාවිකයාගේ බිරිඳ වන රුවනි දිසානායක මහත්මිය හට විශේෂ සමරු තිළිණ ප්‍රදානයක් ද සිදු කෙරුණි.
අනතුරුව රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක් වු අතර , මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් පියල් ද සිල්වා, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් විරසිංහ මහතා, නාවික හමුදා, ආඥාපති නාවික පාබල සහ අධ්‍යක්‍ෂ නාවික මැරීන්, රියර් අද්මිරාල් උදේනි සේරසිංහ මහතා, ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් ආනන්ද ගුරුගේ මහතා, නාවික හමුදා අධ්‍යක්‍ෂ නාවික ව්‍යාපෘති සහ සැලසුම්, රියර් අද්මිරාල් අජිත් සමරසිංහ මහතා, අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම් කොමදෝරු සංජිව ඩයස් මහතා ඇතුළු නාවික හමුදා මුලස්ථානය සහ නැගෙනහිර නාවික විධානය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරි විශාල පිරිසක් සහ සහභාගිවි සිටියහ.



















(36698)
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ 25 වැනි සංවත්සරය
විජිත් Tuesday, 13 November 2018 07:54 PM
"...වත්මන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී" රියර් අද්මිරාල් "රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස.." මෙයාගේ නිලය " පහතට දාලාද...? සාමාන්‍යයෙන් මෙයාගේ නිලය වයිස් අද්මිරාල් හෝ අද්මිරාල්..