
(යොහාන් භාසුර)
නාවික හමුදා කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ උතුරු මැද නාවික විධානයේ ස්ථාපිත කළ කඩොලාන පැළ තවාන උතුරු මැද නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරල් ප්‍රසාද් කාරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) විවෘත කළේය.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ මඟපෙන්වීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ක්‍රියාත්මක කරන කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතිය යටතේ, සියළුම නාවික විධානයන් තුළ ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත සමුද්‍රීය පරිසර පද්ධතිය රැකගැනීම වෙනුවෙන් කඩොලාන සංරක්ෂණය සහ නැවත සිටුවීම වෙනුවෙන් පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට අයත් ඌරුමලේ නාවික අනුකණ්ඩය කඩොලාන පැළ 2400 ක් රෝපණය කළ අතර ඉදිරියේදී මෙම කඩොලාන පැල උතුරු මැද නාවික විධානයේ ගංඟා මෝය සහ කලපු ආශ්‍රිත පරිසර පද්ධතිය තුළ සිටුවීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
216
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නාවික හමුදාවෙන් කඩොලාන පැළ තවානක්
Bamunuarachchi Tuesday, 21 February 2023 06:39 AM
පැල සිටවන්න ඇඳන් ඉන්න ඇඳුම දැක්කාම පෙනෙනවා වැඩේ බොරුවක් බව.
Senaka Tuesday, 21 February 2023 07:01 AM
එක කාලකන්නියෙක් පාටියකදී බීලා ගැබිනි මවකට පහර දුන්න එකට මුලු හමුදාවටම බැනපු ගොන් හැතිකරේ මේවට මීක් නෑ. පුලුවන් නම් මේකටත් බැනපන්කෝ රණවිරු ගාය කියල.
BamunuarachchiTuesday, 21 February 2023 01:05 PM
බනින්න දෙයක් නැහැ හලෝ ෆුල් යුනිෆෝම් ගහල මඩට බැස්සුව ටික ඇති.