
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත චන්ද්‍රිකා සන්නිවේදන අන්තර් නිරෝධන පද්ධතියක් ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සමඟ අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජපාන රජයේ මූල්‍යමය හා තාක්ෂණික සහාය සහ ජපාන වෙරළාරක්ෂක බලකායේ විශේෂඥ සහාය යටතේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය විසින් ' ඉන්දු - පැසිෆික් කලාපයේ සමුද්‍ර ආරක්ෂාව සහ සාගර නීතියේ ආධිපත්‍යය ශක්තිමත් කිරීම' යන ව්‍යාපෘතිය 2024 වර්ෂයේ සිට ක්‍රියාත්මක කරනු ලබයි.
එම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට 'Congnyle SI2' චන්ද්‍රිකා සන්නිවේදන අන්තර් නිරෝධන පද්ධතිය ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත.
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ වෙනත් බරපතල නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම, මැඩ පැවැත්වීම සහ එම ක්‍රියාකාරකම් වලට බාධා කිරීම තුළින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීම එමඟින් අපේක්ෂා කරනු ලැබේ.
එමෙන්ම, ඒ තුළින් කලාපීය සහ ජාත්‍යන්තර සමුද්‍රීය ආරක්ෂක මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාවේ දායකත්වය ශක්තිමක් කළ හැකි වනු ඇත. එකී පද්ධතිය මෙරටට ලබා ගැනීම සඳහා මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යාංශය අතර අවසාන පරිශීලක සහ භාර දීමේ ගිවිසුම අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1553
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාවික හමුදාවට ජපානෙන් තෑග්ගක්